පවතින තත්ත්වය සමඟ නැවතත් පලාත් 5කට අවදානමක් - පැය 24ක් යනතුරු වලංගු නිවේදනයක් මෙන්න
දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් පළාත් කිහිපයකට විටින් විට තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව උතුරු - මැද, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර දක්වා වන තද සුළං ඇතිවීමේ ප්‍රවණතාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
හෙට දවසේ මුළු ලංකාවටම වෙන්න යන දේ ගැන දැනුම්දීමක් - කිසිසේත් නොදැන එළියට යන්න එපා විශේෂ අනතුරු ඇගවීමක්
හෙට (06) පූර්වාහ්න 11.30 දක්වා බලපැවැත්වෙන පරිදි විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ, පවතින තද සුළං තත්ත්වය හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.