පැයකට පෙර දිවයිනටම නිවේදනයක් - මුහුද රළු වෙයි - මේ ප්‍රදේශවලින් මුහුදු රළ ගොඩබිමට එන බැවින් සූදානම් වන්නැයි දන්වයි
හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අඳාළ නිවේදනය අද (12) දින පෙ.ව. 11.00ට නිකුත් කර ඇති අතර එය හෙට (13) පෙ.ව. 11.00 දක්වා වලංගු වේ.
එහි දැක්වෙන පරිදී හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා වැඩි විය හැකි අතර, එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බව සඳහන්.
එසේම හලාවත සිට ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0 සිට 3.0 දක්වා පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව ද සඳහන්.
එබැවින් බේරුවල සිට ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වයි.
මේ හේතුවෙන් අඳාළ මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.