හම්බන්තොට වරායට ගෙනා වාහනවල 'Smart Key' විකුණපු ලොකු ජාවාරමක් මාට්ටු

Report

හම්බන්තොට වරාය හරහා මෙරටට ගෙන්වන වාහනවල 'ස්මාර්ට් කී' (Smart Key) සොරාගෙන, විකිණීමේ ජාවාරමක නිරත වූ වරාය සේවකයෙකු සහ එම යතුරු මිලදී ගත් ව්‍යාපාරිකයෙකු

අත්අඩංගුවට ගෙන ඇත ඔවුන් දෙදෙනා ඊයේ (11) හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, එහිදී එළැඹෙන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග තිබේ මෙම 'ස්මාර්ට් කී' අතුරුදහන් වීම සම්බන්ධයෙන් හම්බන්තොට වරාය ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද දීර්ඝ සොයාබැලීමකදී, වරාය සේවකයෙකු පිළිබඳව සැකමතු වී ඇත.

  ඒ අනුව අදාළ සේවකයා, ආරක්ෂක නිලධාරීන්ගේ භාරයට ගෙන වැඩිදුර විමර්ශන සඳහා හම්බන්තොට වරාය පොලිසිය වෙත භාරදී තිබේ වරාය සේවකයාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, අදාළ ස්මාර්ට් කී සොරාගෙන කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට වාහන වර්ගය අනුව රුපියල් 6,000 සිට විවිධ මිල ගණන් යටතේ අලෙවි කර ඇති බවය.

ඒ අනුව මාස කිහිපයක් තුළ 'ස්මාර්ට් කී' 45ක් පමණ අලෙවිකර, සැකකාර සේවකයා රුපියල් ලක්ෂ 15කට අධික මුදලක් උපයාගෙන ඇති බව පොලිස් විමර්ශවලදී අනාවරණය වී ඇත. එමෙන්ම අත්අඩංගුවට ගත් වරාය සේවකයා ලබාදුන් ප්‍රකාශ අනුව කුරුණෑගල ප්‍රදේශයේ අදාළ ව්‍යාපාරිකයා ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අදාළ 'ස්මාර්ට් කී' මිලදී ගත් බව පිළිගෙන තිබේ.

එමෙන්ම ඔහු සතුව තිබු අදාළ ''ස්මාට් කී' පොලිස් භාරයට ගෙන තිබේ මෙම ජාවාරම හම්බන්තොට වරායට වාහන ගෙන්වීම ආරම්භ කළ කාලයක සිටම සිදුවී ඇති බවට වරාය ආරක්ෂක අංශ සහ පොලිසිය මගින් සිදුකළ සොයා බැලීමේදී අනාවරණය වී තිබේ.

හම්බන්තොට වරාය පොලිසියේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක අජිත් ප්‍රියන්ත මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශය මගින් සිද්ධිය පිළිබඳ විමර්ශන සිදු කරනු ලබයි