පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට - ඔහුගේ බිරිඳගෙන් ද ප්‍රකාශයක් ගන්න සැරසෙයි

Report

එකම අංකය යට‍තේ තිබූ යතරුපැදි දෙකක් සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හලාවත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව හලාවත මාදම්පේ ජයබිම ප්‍රදේශයේ පිහිටි මන්ත්‍රීවරයාට අයත් නිවසේ නවතා තිබියදී මෙම යතුරුපැදි සොයාගෙන ඇති බව සඳහන්.

හලාවත කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ (11) දින මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවට පොලීසිය පවසන බව සඳහන්.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ හලාවත කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත බව පවසයි.

මහින්ද රාජපක්ෂ රැලියට අනිවාර්යයෙන්ම එනවා.. නාමල්ගේ බිරිඳ එනවා කියලා මෙතෙක් දැනුම්දීලා නෑ.. රටම බලන් ඉන්න පොහොට්ටුවේ රැලිය ගැන තිස්සකුට්ටි කට අරී

මහින්ද රාජපක්ෂ රැලියට අනිවාර්යයෙන්ම එනවා.. නාමල්ගේ බිරිඳ එනවා කියලා මෙතෙක් දැනුම්දීලා නෑ.. රටම බලන් ඉන්න පොහොට්ටුවේ රැලිය ගැන තිස්සකුට්ටි කට අරී

එමෙන්ම අඳාළ යතුරුපැදි දෙකේම සඳහන්ව ඇති අංකය මන්ත්‍රීවරයාගේ බිරිඳගේ නමට ලියාපදිංචි කර ඇති එක් යතුරුපැදියක අංකයක් බව පොලිසිය පැවසූ බව සඳහන්.

ඒ අනුව මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ බිරිඳගෙන් ද ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත අතර මන්ත්‍රීවරයා සහ යතුරුපැදි දෙක අද(12) දින හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ගිනි රස්නෙන් බැට කන ලංකාවට ඔක්තෝම්බර්, නොවැම්බර් මාසවල වෙන්න යන වෙනස - රටටම දන්වා නිවේදනයක්

ගිනි රස්නෙන් බැට කන ලංකාවට ඔක්තෝම්බර්, නොවැම්බර් මාසවල වෙන්න යන වෙනස - රටටම දන්වා නිවේදනයක්

රැලිය පැත්තක.. නාමල් බෙල්ල මුලින් හිර වෙයි - එයාර් බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නාමල් නම් කිරීමට CIDයට උපදෙස්

රැලිය පැත්තක.. නාමල් බෙල්ල මුලින් හිර වෙයි - එයාර් බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නාමල් නම් කිරීමට CIDයට උපදෙස්