ආරම්භයම කඳුළක් වෙයි - පළමු පුහුණු තරගයෙන්ම ශ්‍රී ලංකාවට පරාජයක්
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර පැවති පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 9කින් පරාජය වී ඇත.
තරගයේ කාසිය වාසිය දිනා ගෙන ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 16යි පන්දු 4කදී ලකුණු 117කට සියලු දෙනා දැවී ගියා.
මේ අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියාවූ තරිඳු රත්නායක ලකුණු 48ක් රැස් කිරීමට සමති විය.
එසේම පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත ලයන්ස් කණ්ඩායම පන්දුවාර 7යි පන්දු 2කදී කඩුල්ලක් දැවී ලකුණු 118ක් ලබා තරගයේ ජයග්‍රහණය හිමි කර ගෙන ඇත.