ලෙඩ්ඩු ඇපේට තියා GMOA දොස්තරලා දීමනා ප්‍රශ්නෙකට මාර්තු 5දා වැඩවර්ජනය කරන්න තීරණය කරති

By Gagana News Mar 04, 2025 01:21 AM GMT
Report

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ අමතර රාජකාරි දීමනාව සහ නිවාඩු දින දීමනාව කප්පාදුව සම්බන්ධයෙන් මෙහිදී විරෝධය පළ කර ඇති අතර ඒ සඳහා සාධනීය ප්‍රතිචාරයක් රජයේ පාර්ශවයෙන් නොලැබුණෙහොත් එළැඹෙන මාර්තු 05 දින සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයකට යාමට රජයේ නිලධාරීන්ගේ සංගමය ඊයේ දින තීරණය කර තිබෙනවා.

මෙහිදී අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසුවේ, “2025 අයවැය හරහා වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි යෝජනාව මූලික වැටුපෙන් 1/80 සහ නිවාඩු දින දීමනාව මූලික වැටුපෙන් 1/20ක කියන අගයත් කප්පාදු කරලා. 1/80 වෙනුවට 1/120 ලබාදෙන බවත්, නිවාඩු දින දීමනාව 1/20 වෙනුවට 1/30 ලබාදෙන බවටත් තීන්දු තීරණ අරන් තියෙනවා. වෛද්‍යවරුන්ට හිමි අමතර රාජකාරි දීමනාව 1/80 නැවත ලබා දිය යුතුයි.

කුඩු රොෂාන්ගේ බිරිඳ දිවි ඇති තෙක් හිරේ

කුඩු රොෂාන්ගේ බිරිඳ දිවි ඇති තෙක් හිරේ

නිවාඩු දින දීමනාව 1/20 නැවත ලබා දිය යුතුයි.” මෙහිදී ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ, මාර්තු 06 වන දින වන විට මෙම නිවැරදි කිරීම සිදුනොවුවහොත් මාර්තු 07 දින සිට දැඩි තීන්දු තීරණ ගැනීමට රජයේ වෛද්‍ය නිලාරීන්ගේ සංගමය තීරණය කර ඇති බවයි. ලේකම්වරයා වැඩිදුරටත් මෙහිදී අවධාරණය කළේ, “06 වෙනිදා වන විටත් මේ නිවැරදි කිරීම කරන්න, 07 වෙනිදා ඉඳන් අපි දැඩි තීන්දු තීරණ ගැනීමට නියමිතයි.

07 වෙනිදායින් පසු රජයට නැවත වරක් දෙවරක් සිතන්න වෙයි සෞඛ්‍ය සේවා පවත්වා ගන්නේ කොහොමද කියලා.”