බස්නාහිර සහ දකුණු පළාත්වල අද සිට නීතිය තදින්
බස්නාහිර සහ දකුණු පළාත්වල සංවිධානාත්මක අපරාධ ඉහළ යාමේ ප්‍රවණතාවයක් වාර්තා වී ඇති බැවින්, අගෝස්තු 26 වැනිදා සිට පොලිසිය සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් එක්ව දිනපතා අපරාධ මර්දන මෙහෙයුම් දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කර ඇත.
මෙම මෙහෙයුම්වල ප්‍රධාන අරමුණ වන්නේ පාතාල ක්‍රියාකාරකම්, මත්ද්‍රව්‍ය ජාවාරම, සහ අනෙකුත් සංවිධානාත්මක අපරාධ තුරන් කිරීමයි.
නව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පසුගියදා (17) මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, මෙම අපරාධ රැල්ල මැඩලීම සඳහා පොලිසිය, ත්‍රිවිධ හමුදාව, සහ මහජන සහයෝගය එක්ව විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.
ඔහු සඳහන් කළේ, පාතාල කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දේශපාලන ආශිර්වාදය, පොලිසියේ ඇතැම් නිලධාරීන්ගේ සහය, සහ ත්‍රිවිධ හමුදාවේ ඇතැම් පුද්ගලයින්ගේ සහාය ලබාගනිමින් කටයුතු කර ඇති බවයි.
එමෙන්ම, විදේශගතව සිටින එවැනි අපරාධකරුවන්ට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය ඉන්ටර්පෝල්) සමග එක්ව කටයුතු කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු පැවසීය.