මහලොකුවට අපනයනය ශක්තිමත් කරන්න කතාව.. ඒත් වෙනදටත් වඩා ආනයනය කරන්න වෙලා (VIDEO)

Report

ආහාරවලට නැතුවම බැරි ලුණු මේ දිනවල මෙරට අත්‍යවශ්‍ය අවශ්‍යතාවයක් වී අවසන්.

ඒ ශ්‍රී ලංකාව තුළ මේ වන විට පවතින ලුණු හිඟයත් සමඟ.

මහාධිකරණ විනිසුරුවරියකටත් ලිංගික හිංසා...පණිවුඩ යවලා තියෙන්නේ නීතීඥවරයෙක්

මහාධිකරණ විනිසුරුවරියකටත් ලිංගික හිංසා...පණිවුඩ යවලා තියෙන්නේ නීතීඥවරයෙක්

කුළු බඩුවකට අමතරව ලුණු යනු සාමාන්‍ය මිනිස් සිරුරට අත්‍යවශ්‍ය සෝඩියම් ලබා දෙන ප්‍රධානම ප්‍රභවයයි.

එහෙත් මේ වන විටත් රටේ ඇති වී තිබෙන ලුණු හිඟය නිසා වෙළඳපොළේ තිබෙන ලුණු පවා ඉතා වැඩි මුදලකට අලෙවි වීම දක්නට ලැබෙනවා.

පහුගිය දිනවල පැවති අයහපත් කාලගුණය සහ ලුණු ආනයනය කිරීමට ඇති වූ ප්‍රමාදය හේතුවෙන් මෙම ලුණු හිඟය රට තුළ නිර්මාණය වී ඇති බව සඳහන්.

එසේම රට තුළ මෙවැනි ලුණු හිඟයක් ඇතිව ඇත්තේ වසර 20 ට පසුවයි.

2025 වසරට ඇස්තමේන්තු කර ඇති සමස්ත ලුණු ප්‍රමාණය ලුණු මෙට්ට්‍රික් ටොන් එක්ලක්ෂ අසූ දහසක්.

ජ්‍යෙතිෂ්‍ය අනාවැකියක් කියන්න ගිහින් මොකක්ද මේ අනුදි කර ගත්තේ...

ජ්‍යෙතිෂ්‍ය අනාවැකියක් කියන්න ගිහින් මොකක්ද මේ අනුදි කර ගත්තේ...

නමුත් පහුගිය දිනවල පැවති අයහපත් කාලගුණය හේතුවෙන් ලංකා ලුණු සංස්ථාවේ සභාපති ඩී නන්දනතිලක මහතා පැවසුවේ හම්බන්තොට ලුණු ලේවයෙන් මෙම වසරේ දී ලුණු මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් බලාපොරොත්තු වුව ද කාර්තුවක් අවසන් වුව ද ලබා ගත හැකි වූයේ ලුණු මෙට්ට්‍රික් ටොන් දහ අටදහසක් පමණක් බවයි.

මේ සමඟ ඇති වූ ලුණු හිඟය වැඩි වන විට වෙළඳපොළේ ලුණු මිල ද වැඩි විය.

එහි ප්‍රතිඵලයක් ලෙස ජනතාව ලුණු රැස් කිරීමට පටන් ගෙන ඇත.

දෙයියනේ...ඇය Miss World තරගයෙන් ඉවතට

දෙයියනේ...ඇය Miss World තරගයෙන් ඉවතට

මෙය අද රටේ පවතින ලුණු හිඟයට මේ වන විට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇති බවට ද වාර්තා වේ.

කෙසේ වෙතත් රජය මඟින් මෙරටට නැවත ලුණු මෙට්ට්‍රික් ටොන් හතලිස්දහසක් ආනයනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් පහුගිය කාලය තුළ වර්තමාන රජය විසින් අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමට විවිධ සාකච්ඡා කර ඇත.

ඒ අතර ලංකාවට ප්‍රමාණවත් ලුණු නිෂ්පාදනය කිරීමෙන් පසු ඉතිරි ලුණු අපනයනය කිරීමට සූදානම් බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අලිමංකඩ ලුණු කර්මාන්තශාලාව විවෘත කිරීමට සම්බන්ධ වූ විටක දි පැවසූ බව වාර්තා වේ.

එවන් පසුබිමක රජයට මේ වන විටත් දෙපාරක් ලුණු ආනයනය කිරීමට සිදු වී තිබෙනවා.