ශීතකරණයට පලතුරු දැම්මොත් වෙන දේ..ඔබට හිතා ගන්නත් බැරි වෙයි..?
අපි හැම කෑම වර්ගයක්ම ශීතකරණයේ තියන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ.හැබැයි මේ විදිහට හැම දෙයක්ම ශීතකරණයේ තියෙන එක නම් හොඳ දෙයක් නෙමෙයි.ඒ නිසා කියන්න යන්නේ ශීතකරණයේ ගබඩා කරන්න හොඳ නැති දේවල් මොනවද කියලා.
ළූනූ
ළූනූ ශීතකරණයේ තැබීම නරක් වීම ඉක්මන් කරනවා.ඒ වගේම ළූනු සහ අර්තාපල් එකට ගබඩා කරන්නත් එපා. ළූනූ අමු මිරිස් සමඟ ගබඩා කරන්නත් එපා. අමු මිරිස් ඉක්මනින් ඉදෙන්න එය හේතුවක්. ඒ නිසා ළූනූ හා අමු මිරිස් වෙන වෙනම ගබඩා කරන්න මතක තියාගන්න .
තක්කාලි
තක්කාලි ශීතකරණයේ ගබඩා කිරීමෙන් එහි පෝෂක කොටස් විනාශ වෙනවා.ඒ නිසා තක්කාලි, ප්ලාස්ටික් හෝ පොලිතින් කවර වල කාමර උෂ්ණත්වය යටතේ අසුරන්න අද ඉදලා පුරුදු වෙන්න .
අල වර්ග
අල කිව්වම ගොඩක් අල වර්ග තියෙනවනේ,මෙතැනදී කියන්නේ අර්තාපල් සහ බතල ගැන.එම අල වර්ග අඳුරු සහ වියලි ස්ථානයක ගබඩා කරන්න.අනිත් කාරණාව තමයි ශීතකරණයක තැන්පත් කිරීමෙන් බතල සහ අර්තාපල් වල රසය විනාශ වෙන්නත් ඉඩ තියෙනවා .
පලතුරු වර්ග
පලතුරු වර්ග කිව්වේ හැම පලතුරු වර්ගයක්ම නෙමෙයි.සමහර ඒවා විතරයි.කොමඩු, කෙසෙල් , අලිගැටපේර ශීතකරණයේ ගබඩා කළ විට ඒවාගේ පෝෂණය ගුණය විනාශ වෙනවා. ඒ නිසා ඒවා නිතරම කාමර උෂ්ණත්වය යටතේ ගබඩා කරන එක තමයි ගොඩක්ම හොඳ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |