බදු ගැහුවට වාහන මිල වැඩි වෙන්නේ නෑ කියන මුදල් නියෝජ්‍ය ඇමතිගේ විහිළු කතා දැන්වත් නවත්වන්න - සජිත්

Report

පසුගිය මැතිවරණ සමයේ 'විට්ස්' වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ 12කට ලබාදෙන බවට වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ජනතාවට පොරොන්දු වූවත්, අද වන විට වාහන ආනයනය මත අමතර 50%ක බද්දක් පැනවීමට රජය කටයුතු කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙම බදු පැනවීමෙන් වාහන මිල ඉහළ නොයන බවට මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළද, එවැනි “විහිළු සහගත” ප්‍රකාශ තවදුරටත් ජනතාවට ඉදිරිපත් නොකර ආර්ථිකය විධිමත් ලෙස කළමනාකරණය කිරීමට රජය කටයුතු කළ යුතු බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

වාහන ආනයනයට ගැසූ 50% බද්දට අලි සබ්රිගෙන් කොළ එළියක්

වාහන ආනයනයට ගැසූ 50% බද්දට අලි සබ්රිගෙන් කොළ එළියක්

වාහන මිල ඉහළ යාම ඇතුළු ආර්ථික අර්බුද සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, ආණ්ඩුව සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 159 දෙනා සෘජුව වගකීම භාරගත යුතු බවද ඔහු පැවසීය.

රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව ශීඝ්‍රයෙන් පහළ වැටෙමින් පවතින බවත්, එම අවප්‍රමාණය හේතුවෙන් උද්ධමනය ඉහළ ගොස් බඩු මිල සහ ජන ජීවිතයේ වියදම් දැඩි ලෙස වැඩිවී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

රුපියලේ අවප්‍රමාණය වළක්වා ගැනීමට නම් අපනයන ආදායම වැඩි කිරීම, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම, විදේශ ප්‍රේෂණ ඉහළ නැංවීම සහ සෘජු විදේශ ආයෝජන වැඩිකර ගැනීම අත්‍යවශ්‍ය බවද විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

ආයේ ආසාවටවත් වැගන් ආර්, වෙසල්, ප්‍රාඩෝ එකක් පදින්න වෙන් නැති ලකුණු - අලුත් බද්දෙන් වෙනස් වුණ මිල ගණන් මෙන්න

ආයේ ආසාවටවත් වැගන් ආර්, වෙසල්, ප්‍රාඩෝ එකක් පදින්න වෙන් නැති ලකුණු - අලුත් බද්දෙන් වෙනස් වුණ මිල ගණන් මෙන්න

වත්මන් ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යවරයා සහ රජයට ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ මූලික අවබෝධයක් හෝ දැනුමක් නොමැති බවත්, දිනෙන් දින ගන්නා වැරදි ආර්ථික තීන්දු තීරණ හේතුවෙන් ජනතාවට දැඩි හානි සිදුවෙමින් පවතින බවත් ඔහු චෝදනා කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ අද (16) තිස්සමහාරාම වීරවිල පන්නෙගමුව දියබැදි විහාරයේදී, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මාගම මහානාම ස්වාමීන් වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

50%කින් වාහන මිල ඉහළ යනවායි කියන එක සම්පූර්ණ මිත්‍යාවක් එහෙම වෙන්නේ නෑ - නි. ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

50%කින් වාහන මිල ඉහළ යනවායි කියන එක සම්පූර්ණ මිත්‍යාවක් එහෙම වෙන්නේ නෑ - නි. ඇමතිගෙන් පැහැදිලි කිරීමක්