පුතාගේ මරණය තවම දන්නේ නැහැ... තාත්තා එනකල් කල් ගිය අවසන් ගමන

Sri Lanka Police Matara Gun Shooting Gun Violence Sinhala news
By Akash Mar 26, 2025 02:22 PM GMT
Akash

Akash

Report

මාතර – දෙවුන්දර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය පසිඳු තාරක නමැති තරුණයාගේ අවසන් කටයුතු සිදු කිරීමට තවත් දින කිහිපයක් ගත වනු ඇතැයි වාර්තා වනවා. ඒ, ඔහුගේ පියා ධීවර රැකියාව සදහා මුහුදු ගොස් සිටීම හේතුවෙන්.

දෙවිනුවර වෙඩිල්ලට අකාලයේ මිලින වූ පසිඳු ලොව නැති වග නොදත් පියා මේ දුක කෙසේ දරන්නද … සිය පුත්‍රයා වෙඩි ප්‍රහාරයකින් මියගොස් ඇති බවට මේ දක්වා පියා දැනුවත් කිරීමටද හැකි වී නොමැති බවයි වාර්තා වුණේ.

පසුගිය 21 වැනිදා සිදු වූ මෙම ඝාතනයෙන් මියගිය යොමේෂ් නදීෂාන්ගේ අවසන් කටයුතු දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ පෙරේදා සිදු කෙරුණා. එමෙන්ම මෙම ඝාතනය, විදේශයක සැඟව සිටින දෙහිබාලේ මල්ලී නැමැත්තාගේ සහෝදරයා හා යොමේෂ් නදීෂාන් අතර ඇති වූ ආරවුලක් මත සිදුවූවක් බව මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

යොමේෂ් සහ පසිඳු මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ මිතුරෙකුගේ නිවසක තිබූ උපන්දින සාදයකට සහභාගී වී ආපසු යමින් සිටයදීයි.

මේ අතර මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගත් සැකකරු මේ මස 30 වැනිදා දක්වා රදවාගෙන ප්‍රශ්න කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් ගණන 05ක්. මෙම ඝාතනය සම්බන්ධයෙන් ගන්දර කැලෑබද ප්‍රදේශයක සඟවා තිබූ හිමිකරුවෙකු නොමැති මෝටර් රථයක් පොලිසිය පසුගිය 05 වැනිදා සොයාගත් අතර අදාළ මොටර් රථය මෙම ඝාතනය සඳහා භාවිත කිරීමට සැකකරුවන් සැලසුම් කර තිබූ බවට පොලිසිය සැක පළ කරනවා.

අදාළ මෝටර් රථය සොයාගන්නා විට එහි අංක තහඩු වෙනස් කර පැහැයද වෙනස් කර තිබෙනවා.

ReeCha