STF විශේෂ මෙහෙයුමකින් අතබෝම්බ සමග පුද්ගලයෙක් කොටුවෙයි.(VIDEO)

Sri Lanka
By Aruna Nov 27, 2022 04:09 AM GMT
Aruna

Aruna

Report

පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීවගේ ප්‍රධාන ගෝලයෙකු ජීව අත්බෝම්බයක් සහ හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි එච්.එම්.කේ. විජේසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරීක්ෂක එස්.ඩි.පි.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා දින ගම්පහ පොලිස් වසමේ අංක 145/01/ඒ, අමුනුගොඩ, ඉඔල්ගොඩ යන ලිපිනයේ නිවස ඉදිරිපිට දී වැටලීම සිදු කර තිබේ.

එහි දී මිනුවන්ගොඩ, මාකේවිට මවිලි සුපර් හාර්ඩ්වෙයර් හී සිදුවු මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දීම, ජීව අත්බෝම්බයන් සන්තකයේ තබා ගැනීම, හෙරොයින් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් සිදුකිරීමේ වරදට වෑබඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 ක පුද්ගලයකු අත්බෝම්බයක් හා හෙරොයින් ග්‍රෑම් 16.2 ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගම්පහ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now