ස්ටීව් ස්මිත් එක්දින තරගවලට සමුදෙයි!
By Shehan
ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පිතිකරු ස්ටීව් ස්මිත් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් ඔහු විස්සයි විස්ස සහ ටෙස්ට් තරග සඳහා තවදුරටත් ක්‍රීඩා කරනු ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ශූරයින්ගේ කුසලාන තරගාවලියේ ඉන්දියාව සමඟ පැවැති තරගය පරාජය වීමත් සමඟ ස්මිත් මේ බව කණ්ඩායම් සහයින්ට ප්‍රකාශ කර ඇති බව සඳහන්.
ඒ අනුව 2027 වසරේ පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසාලන තරගාවලියට ඔහු ක්‍රීඩා නොකරනු ඇති.
