නවක වදය වැලැක්වීම සඳහා අමාත්‍ය හරිනි අමරසූරිය උපදෙස්
විශ්වවිද්‍යාල හා අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවල නවක වදය, හිංසනය සහ සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් වැලැක්වීම සඳහා අවශ්‍ය නිර්දේශ සහ ක්‍රියාමාර්ග සම්පාදනය කරන ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය උපදෙස් දී ඇත.
මෙම උපදෙස් ලබා දුන්නේ, උසස් අධ්‍යාපන ආයතනවල නවක වදය, හිංසනය සහ ප්‍රචණ්ඩත්වය තුරන් කිරීම සඳහා පිහිටුවන ලද ජාතික කාර්ය සාධක බලකායේ සාමාජිකයින් සහ අග්‍රාමාත්‍යවරිය අතර ඊයේ (ජූලි 02) පැවති පළමු සාකච්ඡාවේදීය.
එහිදී ගනු ලැබූ තීරණ අතර ප්‍රධාන වන්නේ, නවක වදය තුරන් කිරීම සඳහා පවතින නීති යාවත්කාලීන කිරීම සහ වින්දිතයින්ට වාර්තා කිරීමට හා ක්‍රියාමාර්ග ගැනීමට ඵලදායී යාන්ත්‍රණයක් සැකසීමයි.