වත්කම් ප්‍රකාශ නොකරන දේපළ රාජසන්තක කිරීමට පියවර
Economy of Sri Lanka
Latest Headlines
Sinhala news
gagana news
NPP Government
By Shehan
වත්කම් හා බැරකම් ප්‍රකාශයන්හි ඇතුළත් නොකරන දේපළ රාජසන්තක කිරීමට පියවර ගන්නා බව අල්ලස් හෝ දූෂණ වංචා චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පවසයි.
දූෂණ විරෝධී පනත යටතේ මෙවැනි ක්‍රියාමාර්ග ගැනීමට කොමිෂන් සභාවට බලතල පවරා ඇති බව ඔහු සඳහන් කළේය.
වත්කම් හා බැරකම් ප්‍රකාශ බාරදීමෙන් පසු, අලුතින් දේපළක් එකතු වුවහොත් හෝ තමා සන්තකයේ තිබූ දේපළක් ඉවත් වුවහොත්, ඒ පිළිබඳව ද දැනුම් දිය යුතු බව අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.
