බහුතරය නොතිබූ පළාත් ආයතන කිහිපයක බලය ගත්තේ මෙහෙමයි

Political Development Sinhala news Local government election Sri Lanka 2025
By Mithu Jun 16, 2025 04:02 PM GMT
Mithu

Mithu

Report

තවත් පළාත් පාලන ආයතන කිහිපයක බලය පිහිටුවීමට ද ජාතික ජනබලවේගය අද (16) සමත් වුණි. ඉන් ආයතන බහුතරයකම රහස් ඡන්ද විමසීම් පැවති බව වාර්තා වෙයි. රත්නපුර මහනගර සභාවේ නගරාධිපතිවරයා තෝරාගැනීම වෙනුවෙන් පැවති රහස් ඡන්ද විමසුම රත්නපුර මහනගර සභා ශ්‍රවණාගාරයේදී අද පැවැත්වුණි. ජාතික ජන බලවේගයේ සභික කේ.ඒ.ඩී.ආර්.අයි. කටුගම්පල මහතා ඡන්ද 14ක් ලබාගනිමින් එහිදී නගරාධිපති ධුරයට තේරී පත්ව තිබේ.

ව්‍රායිට පරාද වූ රිසා සාරුක් කියන්නේ මෙහෙම කෙනෙක් කියලා දන්නවද?

ව්‍රායිට පරාද වූ රිසා සාරුක් කියන්නේ මෙහෙම කෙනෙක් කියලා දන්නවද?

නගරාධිපති ධුරයට සමගි ජන බලවේගයෙන් යෝජනා කළ සභිකයාට හිමිවූයේ ඡන්ද 12ක් පමණි. රත්නපුර මහනගර සභාවේ සභික ධුර සංයුතිය පිළිබඳ අවධානය යොමුකිරීමේදී සමස්ත සභික ධුර 27න් සභික ධුර 15ක්ම විපක්ෂයට හිමිව තිබුණි. ජාතික ජන බලවේගයට හිමිවූ සභික ධූර ගණන 12ක් වුවත් අද පැවති ඡන්ද විමසුමෙන් ඔවුන්ට ජය අත්කරගත්තේ වැඩි ඡන්ද 2ක් දිනාගනිමින්ය.

මේ අතර දඹුල්ල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා පත්කරගැනීම සඳහා වූ රහස් ඡන්දය අද පෙරවරුවේ පැවැත්වුණි. එහිදී ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගය සහ පොදුජන එක්සත් පෙරමුණ යටතේ සභිකයන් තිදෙනෙකු සභාපති ධුරය සඳහා යෝජනා කර තිබුණි. ජාතික ජන බලවේගයේ සභික ඩබ්.එම්.තිලකරත්න මහතා එහිදී සභාපතිවරයා ලෙස තේරී පත්වූ අතර ඒ අනුව එම ප්‍රාදේශිය සභාවේ බලය පිහිටුවීමට ජාතික ජනබලවේගය සමත්වුණි. සභිකයින් 27 දෙනෙකුගෙන් සමන්විත වූ දඹුල්ල ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයට හිමිව තිබූ සභික ධූර ගණන 13 කි.

සමගි ජනබලවේගය ඇතුළු අනෙක් පක්ෂවලට සභික ධුර 14ක් හිමිව තිබුණත් සභාපතිවරයා තෝරාගන්නා ඡන්ද විමසුමේදී ජාතික ජන බලවේගයට පක්ෂව ඡන්ද 15ක් හිමිව තිබේ. මේ අතර කල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති හා උපසභාපති තේරීමේ ඡන්ද විමසීමත් අද පැවැත්වුණි. ඡන්ද විමසුම රහස් එකක් ද නැතිනම් විවෘත ඡන්ද විමසුමක්දැයි පළාත් පාලන කොමසාරිස්වරිය විමසීමත් සමඟ සභාව තුළ නොසන්සුන් තත්ත්වයක් ඇතිවුණි.

මන්ත්‍රීවරු 117කගේ සද්දෙට බය නොවී හරියට වැඩේ කරපු නිළියක් වගේ ලස්සන කොමසාරිස්තුමිය

මන්ත්‍රීවරු 117කගේ සද්දෙට බය නොවී හරියට වැඩේ කරපු නිළියක් වගේ ලස්සන කොමසාරිස්තුමිය

බහුතර කැමැත්ත මත පැවති රහස් ජන්දයෙන් ජාතික ජන බලවේගයේ අබ්දුල් සත්තාර් මුහම්මදු රික්කාස් මහතා ජන්ද 16ක් ලබා ගනිමින් කල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස තේරී පත්ව තිබේ. ඔහු සමග තරගවැදි සමගි ජන බලවේගයේ මොහොමදු ඉබ්‍රහිම් මොහොමදු ආසික් මහතාට ලබා ගැනීමට හැකිවුයේ ජන්ද 15ක් පමණි. සමස්ත සභික ධූර 32කින් සමන්විත කල්පිටිය ප්‍රාදේශීය සභාව ජයගත්තේ සභිකධුර 10 ක් ලබාගත් සමගි ජනබලවේගයයි. නමුත් ජාතික ජනබලවේගයද මෙහි සභිධුර 10 ක් දිනාගනු ලැබීය.

නමුත් සභාපති තෝරාපත්කරගත් ඡන්ද විමසුමේදී ජාතික ජන බලවේගයට පක්ෂව ඡන්ද 16ක් හිමිව තිබීම විශේෂත්වයකි. මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජන බලවේගයට අද හිමිවූ අතර එහි සභාපති ලෙස ටී.එම්.කුමාරතිස්ස මහතා තේරීපත්වුණි. එහිදී රහස් සහ විවෘත යන දෙයාකාරයෙන්ම ඡන්ද විමසීම පවත්වා තිබේ. රහස් ඡන්දයෙන් ඔහුට පක්ෂව ඡන්ද 11ක් ලැබී, විවෘත ඡන්ද විමසුමෙන් ඡන්ද 08ක් පමණක් හිමිවීම විශේෂත්වයකි.

මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ සමස්ත සභික ධුර 19ක් ඇති අතර ඉන් ජාතික ජන බලවේගයට සභික ධුර හිමිව තිබුණේ 09ක් පමණි. සෙසු පක්ෂවලට සභික ධුර 10ක් ලැබී තිබුණි. මේ අතර පැවති රහස් ඡන්දයෙන් වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස ඡන්ද 10ක් ලබාගත් ජාතික ජන බලවේග සභිකයා අද තේරීපත්ව තිබේ. සභිකයින් 17 දෙනෙකුගෙන් සමන්විත වැලිකන්ද ප්‍රාදේශීය සභාවට විපක්ෂව සභික ධුර 09ක් හිමිව තිබියදීත් සභික ධුර 08ක් හිමිවූ ජාතික ජනබලවේගයට සභාපති ධුරය හිමිකරගන්නට හැකිව තිබුණෙි. මේ අතර රත්නපුර ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස ඡන්ද 23ක් ලබාගත් සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් කළ නිමල් මුණසිංහ මහතා තේරීපත්ව තිබේ.

කොළඹ නගරාධිපතිනිය ව්‍රායි බල්තසාර් පත්වූ වහාම කියපු දේ මෙන්න

කොළඹ නගරාධිපතිනිය ව්‍රායි බල්තසාර් පත්වූ වහාම කියපු දේ මෙන්න

ඒ අද පැවති රහස් ඡන්දයේදීය. ජාතික ජනබලවේගය ඉදිරිපත් කළ සභිකයාට එහිදී හිමිව තිබුණේ ඡන්ද 16ක් පමණි. රත්නපුර ප්‍රාදේශීය සභාවේ සමස්ත සභික ධුර 39ක් වන අතර ඉන් ජාතික ජන බලවේගයට හිමිව තිබුණේ සභික ධුර 16ක් පමණි. සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට සභික ධුර 23 ක් හිමිව තිබුණි. 

ReeCha