කොටට ඇන්දහම තමා හැඩ කියලා එයාම තමා ඇඳුම් ගෙනත් දෙන්නේ.ජනප්‍රිය ගායක දුෂ්යන්ගේ බිරිඳ ස්ටේෆනි (PHOTOS).
දුෂ්යන්ත් වීරමන් කියන්නේ ජනප්‍රිය ගායක සන්තුෂ් වීරමන්ගේ සහෝදරයායි . ගායනයට අමතරව නර්තනයට උපන් හපන්කම් දක්වන දක්ෂයෙකු තමයි දුෂ්යන්ත් කියන්නේ. මේ දවස්වල හිරු සුපර් ඩාංසර් තරගාවලියේ විනිශ්චය මණ්ඩලය නියෝජනය කිරීමද ඔහු විසින් සිදුකරනු ලබනවා.
ඉතින් ඔහු දැන් විවාහ වී සුපිරි ජිවිතයක් ගතකරනවා අපට දැනගන්නට ලැබුනා.ඒ ජනප්‍රිය චරිතයක් වන ස්ටෙෆනි සිරිවර්ධන සමඟයි. මේ දෙපලගේ විවාහය පැවැත්වුනේ ඉතාලියේදියි.ඉතින් ඇය සිරස voice teen වැඩ සටහනින් ලංකාවේම ජනප්‍රිය නිවේදිකාවක් වුණා. ඇය 1988 පෙබරවාරි 5 වන දින කුවේටයේදී තමයි ඉපදිලා තියෙන්නේ.
ඇයගේ පියා අපේ රටේ වුනත් මව ලෙබනන් ජාතිකයෙක්. ශ්‍රී ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනය අවසන් කරලා ඇය කැනඩාවට ගිහින් මොන්ට්‍රියෙල්හි කොන්කෝඩියා විශ්ව විද්‍යාලයෙන් ජනමාධ්‍යවේදය, සන්නිවේදනය සහ දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගෙන තියනවා
.ඉතින් ඊට පස්සේ 2011 වසරේදී ශ්‍රී ලංකා විශ්ව රූ රැජිණ කිරුල හිමිකර ගැනීමට සමත් වු සුන්දර කාන්තාව මැයයි. ස්ටේෆනි එම වසරේදීම බ්‍රසීලයේ පැවති විශ්ව රූ රැජිණ තරගයේදීද ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට සමත් වුණා. ඒ විතරක් නෙවෙයි 2013 වසරේදී ශ්‍රී ලංකා ආසියා පැසිෆික් ලෝක රූ රැජිණ කිරුල හිමිකර ගත්තේද ඇයයි.
ඉතින් ගොඩාක් ෆැෂන් කෙරන කෙනෙක් විදිහට අපි අයගෙන් විමසුවා වඩාත් ගැළපෙන ඇදුම මොකක්ද කියලා ඇය කියන්නේ. ”මම තැනට ගැළපෙන විදිහට තමයි අඳින්නේ. උත්සව අවස්ථා වලටවෙනම ඇඳුම් අදිනවා. මට ඇඳුම් නිර්මාණ ශිල්පියෙක් ඉන්නවා. මටවත් හිතාගන්න බැරි විදිහට එයා මගේ ඇඳුම් නිර්මාණය කරලා දෙනවා.
ඒ අවස්ථා ඇරෙන්නට අනිත් අවස්ථාවලට මම සාමාන්‍ය විදිහට මට ගැලපෙන ඇඳුමක් තමයි අඳින්නේ. කොහොම වුණත් මම කැමතියි කොටට අඳින්න. ඒක මගේ ආසාවක්. කාලෙන් කාලෙට අලුත් වෙන ෆැශන් මම කරනවා. අලුත් ෆැෂන් එන්න එන්න අපේ හිතේ තියෙන ආසාවල් වුනත් වෙනස් වනවා.”
විලාසිතාවලට ඔබේ සැමියාගෙන් ලැබෙන සහයෝගය කොහොමද, ”දුෂ්යන්ත් කැමතියි කොහොමත් මම ලස්සනට ඇඳලා ඉන්නවට. අදට වුනත් මට ගැළපෙන මට ලස්සන විලාසිතා තෝරගන්න එයා මට උදව් කරනවා. විලාසිතාවලට එයාගෙන් කිසිම තහනමක් නෑ. එයා කැමති මාව ලස්සනට දකින්න..
මම කොටට ඇන්දම ලස්සනයි කියලා එයා තමයි මට ලස්සන ඇඳුම් ගෙනත් දෙන්නේ”ඉතින් තමන්ට තමන් අගය කරන්න පුළුවන් නම් ජීවිතේ ගොඩක් දේවල් ලඟා කරගන්න පුළුවන්. හැබැයි අපේ ගොඩක් අය කරන්නේ තමන් තමන්වම අවතක්සේරු කරන එක.”
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |