ජනපති අනුරත් බද්දට දෙන්න පටන් - අරන් 2060 වෙනකම් බද්දට

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින්, කොළඹ වරාය නගරය හෙවත් පෝර්ට් සිටියේ ක්‍රියාත්මක සමාගම් 4කට දේශීය ආදායම් පනත යටතේ වසර 35 ක කාලසීමාවක් සඳහා විශේෂ බදු සහන ලබා දී ඇත.

භික්ෂූන් 9ක් එක්ක ලිංගිකව හැසිරිලා දැන් වීඩියෝ කරලා කප්පම් ඉල්ලනවලු

භික්ෂූන් 9ක් එක්ක ලිංගිකව හැසිරිලා දැන් වීඩියෝ කරලා කප්පම් ඉල්ලනවලු

මෙම සහන ලබාදීම ආවරණය කරන්නේ සමාගම්වල ආදායම්, ලාභ සහ බෙදාදෙන ලාභාංශ, රඳවා ගැනීමේ බදු (Withholding Tax) සහ ආනයනික බදු වැනි බදු වර්ග කිහිපයක් වෙයි.

දුෂ්කර පාසලක ගුරුවරයෙක්ට මුතුගල සර් කරපු වැඩේ මෙන්න පැටිකිරිය

දුෂ්කර පාසලක ගුරුවරයෙක්ට මුතුගල සර් කරපු වැඩේ මෙන්න පැටිකිරිය

මෙයට අමතරව, එම සමාගම්වලට එකතුකළ අගය මත බදු (VAT), මුදල් පනත යටතේ තිබෙන විධිවිධාන අනුව බදු, සුරා බදු, රේගු බදු, වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බදු (PAL), අපනයන සංවර්ධන පනත යටතේ අදාළ බදු, කම්කරුවන්ගේ රක්ෂණ අවසන් කිරීමේ පනත හා විදේශ විනිමය පනත යටතේ බදු වලින්ද වසර 25 ක කාලයක් සඳහා නිදහස් කර ඇත.

මෙම විශේෂ බදු සහන හිමිව ඇත්තේ පහත සඳහන් සමාගම් 4ටය:

Ceylon Real Estate Holdings (Private) Limited

Clothespin Management and Development (Private) Limited

IFC Colombo (Private) Limited

ICC Port City (Private) Limited

මෙම සමාගම්වලට අදාළව, දේශීය ආදායම් පනත යටතේ බදු නිදහස් කිරීම 2025 ජූලි 14 වන දින ආරම්භ වී, 2060 ජූලි 13 දින අවසන් වේ. අනෙක් පනත් මත පදනම් වූ බදු සහන 2050 ජූලි 13 දින දක්වා වලංගු වේ. මෙම තීරණයන්ට අදාළව නිකුත් කර ඇති ගැසට් නිවේදන පහත අංක යටතේ 2025 ජූලි 14 දින දිනැතිව ප්‍රකාශයට පත්කර තිබේ: අංක 2445/2 අංක 2445/3 අංක 2445/4 අංක 2445/5 මෙම පියවර, වරාය නගර ආයෝජන ආකර්ෂණය කිරීමේ උත්සාහයෙහි එක් අවධියක් වන අතර, ආර්ථිකය නව මට්ටමකට ගෙන යාම සඳහා බලපෑම් මතුවී තිබේ.