දුෂ්කර පාසලක ගුරුවරයෙක්ට මුතුගල සර් කරපු වැඩේ මෙන්න පැටිකිරිය

Education School Children Teachers schools Sinhala news
By Mithu Jul 18, 2025 09:38 AM GMT
Mithu

Mithu

Report

ජීව විද්‍යා දේශකයෙක් වශයෙන් ප්‍රසිද්ධියට පත් ටියුෂන් ගුරුවරයෙක් තමයි දිනේෂ් මුතුගල සර් කියන්නේ.ඔහු ටියුෂන් ක්ෂේත්‍රය තුළ අති දැවැන්තයෙක්. දරුවන් ගණනාවකගේ නැණ ගුණ නුවණ පෑදු ආදරණීය ගුරුවරයෙක් වශයෙන් ක්ෂේත්‍රය තුළ ප්‍රසිද්ධ ඔහු නිරන්තරයෙන්ම සමාජ සේවාවන්වල නිරත චරිතයක් විදිහටත් ප්‍රසිද්ධයි.

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

ඉතින් දිනේෂ් සර් කරපු තවත් ආදරණීය යෝජනාවක් ගැන තමයි මේ කියන්න සූදානම.පසුගියදා සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල නිකුත් වුණා. ඒ අනුව දිවයිනේ විශිෂ්ටතා දැක්වූ පාසල් රැසක් තිබුණු අතර එක්තරා සුවිශේෂී පාසලක් පිළිබඳවද බොහෝ දෙනා නැතත් ටික දෙනෙක් කතා කළා.

තාත්තා නිදහස් වෙනවා රටේ ජනතාව තාත්තා වෙනුවෙන් නැගී සිටියි - චතුර සේනාරත්න

තාත්තා නිදහස් වෙනවා රටේ ජනතාව තාත්තා වෙනුවෙන් නැගී සිටියි - චතුර සේනාරත්න

 

ඒ තමයි අති දුෂ්කර පළාතක පිහිටා තිබුණු ගල මුදුන කනිටු විදුහල.ගල මුදුන කනිටු විදුහලේ සාමාන්‍ය පෙළ සඳහා මුහුණ දුන් සියලු සිසුන් විභාගය ඉතා ඉහළින් සමත් වී තිබේ.ඇත්තටම මේක දුෂ්කර පලාතක් ලොකු කන්දක් උඩට බොහොම අමාරුවෙන් යන්න ඕනි.

ඒ නිසාම මේ දුෂ්කරතා මැද්ද මේ දරුවන් සියලු දෙනාගේම නැණ නුවණ පෑදුවේ තවත් විශිෂ්ට ගුරුවරයෙක්.මේ පාසලට හිටියේ ඔහු විතරයි ඔහු තමයි මේ පාසලේ විදුහල්පති. ඒ වගේම මේ පාසලේ එකම ගුරුවරයා.ඔහු නමින් ජනක ධනුද්දර. මේ පාසලට ආපු දවසේ පටන් ඔහු දරුවන් වෙනුවෙන් ඇප කැපවී වැඩ කළා. ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙන කාටත් වඩා කැප වුණා.

නව විෂය මාලාව ක්‍රියාත්මකයි - 10 සහ 11 ශ්‍රේණියට මේ විෂයන් අනිවාර්යයි

නව විෂය මාලාව ක්‍රියාත්මකයි - 10 සහ 11 ශ්‍රේණියට මේ විෂයන් අනිවාර්යයි

එහි ප්‍රතිඵලයක් වශයෙන් ගල මුදුන නමැති දුෂ්කර ගම්මානයේ ජීවත් වුණු සියලු දරු දැරියන්ට උසස් පෙළ වරම් හිමිකර දීමට ඔහු සමත් වුණා. ඉතින් මේ පුවත දුටු වහාම කාරුණික හදවතක් ඇති ගුරුවරයෙක් වශයෙන් දිනේෂ් මුතුගල සර් තමන්ගේ මුහුණු පොතේ පහත ආකාරයේ සටහනක් එකතු කර තිබුණා.

"මේ පාසලටත්, මේ ගුරු පියාණන්ටත් උපකාර කිරීමට කැමතියි..! හැකි අයෙක් වේනම්, මේ ගුරු උතුමාගේ දුරකතන අංකයක් මා හට ලැබීමට සලස්වන්න. තෙරුවන් සරණයි..! - දිනේෂ් මුතුගල"

ඉතින් ඉතාමත් ඉක්මනින් දිනේෂ් සර්ට මේ පුංචි පාසලට උදව් උපකාර කිරීමට හැකියාව ලැබේවායි අපිත් එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්