හරි ෂෝක් - මන්ත්‍රීවරුන්ගේ නෝනාලටත් විශ්‍රාම වැටුප් දීලා - කෝටි 218ක් අවුරුද්දකට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 325 දෙනකුට, ඔවුන්ගේ වැන්දඹුවන් 174 දෙනකුට සහ දරුවන් 7 දෙනකුට විශ්‍රාම වැටුප් ගෙවීමට රජය මේ වන විටත් අඛණ්ඩව මුදල් වැය කරමින් සිටී.
2024 වසරේ පමණක් මෙම කාර්යය සඳහා රුපියල් කෝටි 36කට ආසන්න මුදලක් වැය වී ඇත. පාර්ලිමේන්තු මූල්‍ය වාර්තා අනුව, 2018 සිට 2024 දක්වා කාලය තුළ හිටපු මන්ත්‍රී විශ්‍රාම වැටුප් සඳහා වියදම් කළ මුළු මුදල රුපියල් කෝටි 218කි.
වසර අනුව වියදම් මෙසේය:
2018: රුපියල් කෝටි 21+
2019: රුපියල් කෝටි 28+
2020: රුපියල් කෝටි 35+
2021: රුපියල් කෝටි 31+
2022: රුපියල් කෝටි 33+
2023: රුපියල් කෝටි 32+
පෙරදී රජය විසින් මන්ත්‍රී විශ්‍රාම වැටුප් අවසන් කරන බවට ප්‍රකාශ කලද, මෙතෙක් කිසිදු ප්‍රායෝගික පියවරක් ගෙන නොමැති අතර, විශ්‍රාම වැටුප් ගෙවීම තවදුරටත් දිග හැරෙයි. මේ පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු වන්නේ, එවැනි නීතියක් ක්‍රියාත්මක වුවහොත් වත්මන් ආණ්ඩු පක්ෂයේ සිටින මන්ත්‍රීන් 159 දෙනා ඇතුළු සියලුම මන්ත්‍රීන්ට විශ්‍රාම වැටුප් ලැබීම නවතී යැයිය.
කෙසේ වෙතත්, නීති විශේෂඥයින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නීති අතීතයට බලපෑම් කිරීමට නොහැකි බැවින්, දැනට විශ්‍රාම වැටුප් ලබන හිටපු මන්ත්‍රීන්ට එම වාසි අහෝසි කිරීම නීතිමය වශයෙන් ඉතා සීමිත බවය.
