අද ඉදලා වාහන බැංකු ණය ගන්න වෙන්නේ මෙහෙමයි - මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක් [PHOTOS]

Report

මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ ලියාපදිංචි මූල්‍ය ලීසිං ආයතන මඟින් මෝටර් රථ වාහන සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් යාවත්කාලීන කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නව මාර්ගෝපදේශ සංග්‍රහයක් 2025 ජූලි 17 දින නිකුත් කර තිබේ.

පාස්කු ප්‍රහාරය නොවැලක්වූ නිසා මරණ දඬුවම? කතෝලික සභාව සැර වෙයි

පාස්කු ප්‍රහාරය නොවැලක්වූ නිසා මරණ දඬුවම? කතෝලික සභාව සැර වෙයි

මෙම නව මාර්ගෝපදේශ නිකුත් කර ඇත්තේ, 2018 පෙබරවාරි 08 දින ප්‍රකාශයට පත් කළ පෙර මාර්ගෝපදේශයන් යාවත්කාලීන කිරීමක් ලෙසය. ඒ අනුව, වාහනවල බලශක්ති ප්‍රභවය අනුව කළ "ඉලෙක්ට්‍රික්", "හයිබ්‍රිඩ්" සහ "වෙනත්" යන වර්ගීකරණයන් නව මාර්ගෝපදේශයන්ගෙන් ඉවත් කර ඇති අතර, දැන් එම වර්ගීකරණය පදනම් වූ ක්‍රමවේදය වලංගු නොවී ඇත.

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

 

2018 මාර්ගෝපදේශයන් යටතේ, ඉලෙක්ට්‍රික් වාහන සඳහා වාහනයේ වටිනාකමේ 90% දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ හැකියාව තිබුණද, නව මාර්ගෝපදේශයන් අනුව එය අඩු කර ඇත.

කෝටි 100ක ලිංගික වීඩියෝ කුමන්ත්‍රණය - තායි භික්ෂූන්ට කළ පාරමිතාව?

කෝටි 100ක ලිංගික වීඩියෝ කුමන්ත්‍රණය - තායි භික්ෂූන්ට කළ පාරමිතාව?

වානිජ වාහන සඳහා තිබූ 80% ක්, මොටර් කාර්, SUV සහ වෑන් වාහන සඳහා තිබූ 60% ක්, ත්‍රීවීල් සඳහා තිබූ 50% ක් සහ අනෙකුත් වාහන සඳහා තිබූ 70% ක් දක්වා මූල්‍ය පහසුකම් ලබාදීමේ සීමා වෙනස් කර තිබේ.

එමෙන්ම, ඉලෙක්ට්‍රික් නොවන වානිජ වාහන සඳහා 90% දක්වා තිබූ ණය ප්‍රමාණය දැක්වීමට ඇති අවස්ථාව දැන් 80% දක්වා අඩු කර ඇති අතර, මෙතෙක් ඉලෙක්ට්‍රික් නොවන මෝටර් කාර්, SUV සහ වෑන් වාහන සඳහා තිබූ 50% ණය සීමාව 60% දක්වා ඉහළ දැමී ඇත.

විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතු තවත් මාර්ගෝපදේශයකි, එනම් ඉලෙක්ට්‍රික් නොවන ත්‍රීවීල් වාහන සඳහා, වටිනාකමේ 25% ක් දක්වා පමණක් ණය ලබා ගැනීමේ හැකියාව තිබූ පසුගිය ක්‍රමවේදය වෙනස් කරමින්, දැන් එම සීමාව 50% ක් දක්වා විශාල කර ඇති බවයි.

නව විෂය මාලාව ක්‍රියාත්මකයි - 10 සහ 11 ශ්‍රේණියට මේ විෂයන් අනිවාර්යයි

නව විෂය මාලාව ක්‍රියාත්මකයි - 10 සහ 11 ශ්‍රේණියට මේ විෂයන් අනිවාර්යයි

අදාළ ව්‍යවස්ථානුකූල සටහනක් මහ බැංකුව විසින් නිකුත් කර ඇති අතර, එය මෙම මාර්ගෝපදේශයන්ට අමුණා ඇත.

2018 වසරේ මාර්ගෝපදේශයට අනුව හයිබ්‍රිඩ් මොටර් කාර්, SUV සහ වෑන් රථ සඳහා 70%ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට දී තිබූ අවස්ථාව, එම කාණ්ඩය ඉවත් කිරීමත් සමඟින් පොදුවේ 60% ක් දක්වා පහළට පැමිණ ඇත.

ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි නොකළ වාහන සහ පළමු ලියාපදිංචියෙන් පසු වසරකට වඩා අඩු කාලයක් භාවිතයට ගෙන ඇති සියලු වාහන වෙනුවෙන් මෙම නියමයන් බලපැවැත්වෙනු ඇත.

විදුලි බලය පුද්ගලික අංශයට - ආයෝජකයින්ට නව අවස්ථා

විදුලි බලය පුද්ගලික අංශයට - ආයෝජකයින්ට නව අවස්ථා

කෙසේවෙතත් මහ බැංකුව පවසන්නේ අද (2025 ජූලි 18) දිනට පෙර ණයවර ලිපි විවෘත කර ඇති මෙරට ලියාපදිංචි නොකළ වාහන වෙනුවෙන් පහත දැක්වෙන ආකාරයෙන් සංක්‍රාන්ති විධිවිධානයන් බලපැවැත්වෙනු ඇති බවයි.


GalleryGallery