පාස්කු කොමිසම් වාර්තාව ගැන ශ්‍රීලනිපය නිකුත් කළ නිවේදනය
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව 2019 සැප්තැම්බර් 22 වනදා පත්කරන අවස්ථාවේ, එහි මූලික අපේක්ෂාවන් පිළිබඳව පැහැදිලි කරමින් දීර්ඝ නිවේදනයක් නිකුත්කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා විධායක සභාව විසින් එම නිවේදනය නිකුත්කර ඇත.
අදාළ නිවේදනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව විසින් ඒකමතිකව සම්මත කරඇති බවද ඉන් පෙන්වා දෙයි.
ඒ අනුව මූලික කරුණු අතර ප්‍රධාන වූයේ,
මෙම ප්‍රහාරය පිටුපස වූ දේශීය හා විදේශීය බලවේග හඳුනාගැනීම, එකී බලවේගවල ප්‍රමුඛ අරමුණු හා ප්‍රාර්ථනා තේරුම් ගැනීම සහ මෙම ප්‍රහාරය සැලසුම්කර ක්‍රියාවට නැංවීම සඳහා සෘජුව හෝ වක්‍රව දායකත්වය සැපයූ පුද්ගලයින් හෝ කණ්ඩායම් පවත්නා නීතිය හමුවට පැමිණවීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම බව ඉන් පෙන්වා දෙයි.
මේ අතර ඊයේ (25) රැස්වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව තීරණය කර තිබුණේ අදාළ වාර්තාව ප්‍රතික්ෂේප කිරීමටය.
