"අපි කැමතියි ඇමතිත් එක්ක විනෝද වෙන්න" - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..? (VIDEO)

COVID19 HEALTH UNITS KEHELIYA RABUKWELLA UPUL ROHANA
By Sewvandhi Nov 30, 2021 09:30 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සිය ඉල්ලීම්වලට කඩිනමින් විසඳුම් නොලැබුණහොත් අමාත්‍යවරයාට සෞඛ්‍ය අමාත්‍යාංශය අහිමිවිය හැකි බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අනතුරු අඟවති. ඔවුන් පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් ප්‍රශ්නය දුරදිග යෑමට පෙර විසඳුම් ලබාදෙන ලෙසය.

කොළඹ නගරයේදී අද (30) විරෝධතා රථ පෙළපාලියකට එක්වෙමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ඒ බව පැවසීය. හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ වූ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය විසින් එය සංවිධානය කර තිබුණි.

මෙවර අයවැය මගින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැටුප් විෂමතා සඳහා විසඳුම් ලබාදීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් එය සංවිධානය කර තිබේ. විරෝධතා රථ පෙළපාලිය අද පෙරවරුවේ ආරම්භ කෙරුණේ කොළඹ විහාරමහා දේවි උද්‍යානය අසලින්ය.

පිරිස පුරහල සිට මරදාන දක්වා පැමිණ කොටුව දුම්රිය ස්ථානය අසලින් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබේ. උපුල් රෝහණ මහතා,

"සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පැත්තෙන් මේක අර්ථ දක්වලා තියෙනවා.., වෘත්තීය සංගම් එක්ක විනෝද වෙන්න සූදානම් නෑ කියලා. හැබැයි අපි කියන්නේ.. අපි ලෑස්තියි ඔබතුමා එක්ක විනෝද වෙලා මේ ප්‍රශ්නය විසඳගන්න. ඒ විනෝදයේ ආරම්භ අපි අද ගන්නවා. හෙට සිට ඔබතුමාට විනෝද වෙන්න නෙමෙයි අමාත්‍යාංශය නැතිවෙන තැනට තල්ලු වෙන්න පුළුවන්. ඒ නිසා ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන්න."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW