මුහුද ගොඩකර සත්තු වත්තක් හදමු.. හැලි අරක්කු රට පටවමු…- උද්දිකගෙන් අයවැය යෝජනා..(VIDEO)
ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන විදේශ විනිමය අර්බුදය සඳහා නව සංකල්ප වලින් සමන්විත දිගුකාලීන ජාතික ප්‍රතිපත්තියක් ඇති කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා සඳහන් කරයි.
සාම්ප‍්‍රදායික ක‍්‍රම හරහා රට තවදුරටත් දියුණු කළ නොහැකි බවද පවසන ඔහු දියුණු රටවල ජාතික ප්‍රතිපත්ති දිගුකාලීන ක්‍රියාත්මක වන බවත් පාලකයා පමණක් වසර පහකට වරක් මාරු වන බවත් ඔහු පැවසීය.
ශ‍්‍රී ලංකාවට ඩොලර් ආදායම් වැඩිකර ගැනීම සඳහා සංචාරක ආකර්ෂණය ඉහළ නංවා ගැනීමට විශාල අවස්ථාවක් ඇතැයි ද පැවසූ ඔහු නව සංචාරක ආකර්ෂණීය ස්ථාන ඇති කළ යුතු බවද සඳහන් කළේය. යාපනයේ දූපතක් තෝරාගෙන ලොව පුරා ධනවත් සංචාරකයන් ගෙන්වාගැනීම සඳහා ‘පැරඩයිස් අයිලන්ඩ්’ එකක් නිර්මාණය කළ හැකි බව ද ඔහු පැවසීය.
එමෙන්ම වරාය නගරය ආකාරයෙන් සාගරය ගොඩකර සත්වෝද්‍යානයක් නිර්මාණය කළ හැකි බවද පැවසූ ඔහු එය සාගරයේ ඉදිවන පළමු සත්තු වත්ත ලෙසද වාර්තා වනු ඇතැයි සඳහන් කළේය.
විදේශ විනිමය වෙනුවෙන් ගංජා වවා අපනයනය කිරීමත්, හැලි අරක්කු කර්මාන්චය දියුණු කිරීමත් කල හැකි බවත් ඔහු සදහන් කරන ලදී. අයවැය තුන්වැනි වර කියවීමේ විවාදයේදී අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |