ජාතික කොඩිය චීනගේ..කොඩි ගස අපේ.." ජනතාව දැන්වත් ජේත්තුකාර කම අත්හැරිය යුතුයි..අන්දෝලනාත්මක ප්‍රකාශයක්..?(VIDEO)

CHINA ECONOMIC UDAYA GAMMANPILA NANDHA MALANI NATIONAL FLAG
By Sewvandhi Nov 25, 2021 01:17 AM GMT
Sewvandhi

Sewvandhi

Report

යම් භාණ්ඩයක් ලංකාවේ නිපදවන මිලට වඩා අඩු මිලකට වෙනත් රටකින් මිලදී ගත හැකි නම් එය එසේ මිලදී ගැනීමට කටයුතු කිරීම විවෘත ආර්ථිකය හරහා සිදු වූ බවත් අවසානයේ නිදහස් දා සුරතේ රැඳෙන ජාතික කොඩිය ද චීනයෙන් ආනයනය කිරීමට සිදුවූ බවත් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ ය.

ඒ අනුව නන්දා මාලනී මහත්මිය විසින් ගයන “කොඩිය සුද්දගේ මල්ලි සිංහයා අපේ” ගීතය කොඩිය චීනගේ ඒත් කොඩි ගහ අපගේ ලෙස සංශෝධනය කළ යුතු ව ඇති බවද ඒ මහතා සඳහන් කර සිටියේය .අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ  රූපවාහිනී නාලිකාවක වැඩසටහනක් හා එක් වෙමිනි.

මෙරටට පිටරටින් බඩු ගෙන ඒමට මුදල් නොමැතිනම් ණයට බඩු ගෙන ආවේ මතු පරම්පරාවට ඒ ණය ගෙවීමට ඉතිරි කරමින් බවත් වත්මන් ඩොලර් අර්බුදය, රුපියල් අර්බුදය හමුවේ හෝ මේ ජේත්තුකාර පුරුදු වලට තිත තැබිය යුතු බවත් බලශක්ති අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

බලශක්ති අර්බුදය, වත්මන් දේශපාලන තත්වය ඇතුළු කාලීන මාතෘකා රැසක් පිළිබඳ උදය ගම්මන්පිල අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


ReeCha