මහින්ද අනුරාධපුරේ හොල්ලන්න එද්දි ආණ්ඩුවට වසර දෙකයි - රටට සුබයි කියලා ජනපති අනුරත් පොළොන්නරුවේ කරට කර
ආණ්ඩුවට වසර දෙකයි - රටට සුබයි යන තේමාව යටතේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (12) දින තවත් ජන රැලියක් පැවැත් වීමට නියමිතයි.
ඒ පොළොන්නරුව දීප උයන පරිශ්‍රයේදීයි.
මේ අතර, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් සංවිධාන කරන ජන සටන ජන රැලිය අද අනුරාධපුර නගර සභා ක්‍රීඩාංගනයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.
එසේම ජන රැලිය පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර තිබෙන අතර, ඒ සම්බන්ධයෙන් නිරීක්ෂණය සඳහා පක්ෂයේ නියෝජිතයින් ඊයේ(11) දින පස්වරුවේ එම ක්‍රීඩාංගනයට පැමිණි බව වාර්තා වේ.