යුද හමුදාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්..!

covid19 Shavendra Silva army commander travel restriction
By Sewvandhi Oct 16, 2021 06:49 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සෞඛ්‍ය නීති ලිහිල් කෙරුණද ජනතාව සෞඛ්‍ය පුරුදුවලට අනුගත වෙමින් කටයුතු නොකළහොත් ආසාදිතයන් වැඩිවී යළි අවදානම් තත්වයක් ඇතිවනු ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

කොවිඩ් වසංගතය සමහර රටවල යළි හිස ඔසවමින් සිටින බවත්, එවැනි තත්වයක් ඇති නොවීමට සියලු දෙනා වග බලා ගත යුතු බවයි ඔහු සඳහන් කළේ. සෞඛ්‍ය නීති නීතිවලට අනුගත වෙමින් කටයුතු කරන ලෙස සියලු ජනතාවගෙන් තමා කාරුණිකව ඉල්ලා සිටින බවද යුද හමුදාපතිවරයා සඳහන් කළා.

ශ්‍රී ලංකාවේ ජනතාව බුද්ධිමත් හෙයින් සෞඛ්‍ය නීති රැකීම සම්බන්ධයෙන් ඔවුනට අමුතුවෙන් කියා දිය යුතු නොමැති බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළා. රටේ කොවිඩ් තත්වයේ යම් පාලනයක් ඇති වී තිබෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.


දන්න අය ගැන නොදන්න රස කතා ගොඩක් එක්ක ... තරු විත් ගගන.. ජනප්‍රිය කළා ලොවේ තරු , ලොවම ජයගත් ක්‍රීඩකයින්, ඇතුළු ඔබ ආදරය කරන අය ගැන බොහෝ දේ දැන ගන්න. අමතක නොකර සෑම සෙනසුරාදම අපි එක්ක එකතු වෙන්න. එහෙනම් දැන්ම ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න. වීඩියෝ එකක් අප්ලෝෆ් කරපු ගමන්ම දැන ගන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා.



GalleryGallery