"..පාර්ලිමේන්තුවට බයයි..හැබැයි කන්න බොන්න කැන්ටිමට එනවා.." අද පාර්ලිමේන්තුව උණුසුම් කළ අමාත්‍යවරයා (VIDEO)

By Sewvandhi Dec 07, 2021 11:38 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පාර්ලිමේන්තුවේ දී අද (07) පැවැත්වෙන අයවැය පිළිබඳ කාරක සභා විවාදයේ දී අදහස් දක්වමින් වනජීවී විෂය භාර රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සඳහන් කළේ ආණ්ඩුවට බයේ හැංගෙන විපක්ෂයක් දැන් රටේ පවතින බවයි.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව වර්ජනය කළ ද සභා ගර්භයට නො පැමිණ කෑමට බීමට පමණක් පාර්ලිමේන්තු අවන්හල වෙත පැමිණෙන බව ඒ මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම, වන අලීන් පහරදීමෙන් දැනට සිදුවන හානි සංඛ්‍යාව ලබන වසර වනවිට සියයට 50කින් අඩුකරගැනීමට නොහැකි වුවහොත් ලබන වසරේ අගෝස්තු 20 වනදා තමන් රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව වනජීවී විෂයභාර රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පවසනවා.

වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW