“මම වල් නෑ…සමාව ගන්නෙත් නෑ…”තිස්ස කියන අලුත්ම කතාව මෙන්න..
PARLIAMENT
THISSA KUTTI ARACHCHI
DAYANA GAMAGE
MAHINDHA YAPA
By Sewvandhi
තමන් කාන්තාවන්ට අපහාස වන ආකාරයේ කිසිඳු ප්‍රකාශයක් පාර්ලිමේන්තු සභාව තුළ නොකළ බැවින් සමාව ගැනීමට සූදානම් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජානක තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා.
තමන් අපහාස වන ආකාරයෙන් සිදුකළ ප්‍රකාශය කුමක්දැයි පැහැදිලිව පෙන්වා දුනහොත් ජාතියෙන් සමාව ගැනීමට සූදානම් බවද මන්ත්‍රිවරයා අවධාරණය කළා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය යොමුකර තිබූ වරප්‍රසාද පැමිණිල්ල අධ්‍යයනය කිරීමෙන් පසුව කථානායකවරයා සිය තීරණය දැනුම් දුන් අතර ඉන් අනතුරව අදහස් දක්වමින් තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළා.
-------------------------------------------------------------
පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුවක්-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |