එන්නත් මාත්‍රා දෙකම ලබා නොගෙන එළියට ගියහොත් නීතිමය පියවර (VIDEO)

COVID19 VACCINATION KEHELIYA RABUKWELLA VACCINE CARD
By Sewvandhi Nov 08, 2021 09:16 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබා නොගත් පිරිසට පොදු ස්ථාන වෙත ඇතුළු වීම තහනම් කිරීමට නීතිමය අනුමැතිය හිමිව තිබේ. අද (08) පාර්ලිමේන්තුමේන්තුවේ දී මේ පිළිබඳ අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කර සිටියේ, නීතිපතිවරයා විසින් එයට අදාළ අනුමැතිය ලබාදුන් බවය.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

"ගිය සතියේ මං නීතිපතිතුමාගෙන් අවසරයක් ඉල්ලුවා නීතියේ රාමුව තුළ, අවසරයක් තියෙයි ද කියලා වැක්සීන් දෙකම ගත්තේ නැති කට්ටියට පොදු ස්ථානවලට යන්න බැරිවෙන්න. දැන් මට අද ලැබිලා තියෙනවා එය නීතියානූකූලව කරන්න පුළුවන් කියලා. මම බලාපොරොත්තු වෙනවා එයට නීතියානුකූලව ඒ කටයුත්ත කරන්න. ලෝකයේ දියුණු රටවල් ගණනාවක් ඒ දේ කරලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය විදියට වැක්සීන් දෙකම ගන්න පුළුවන් ඇප් එකක් හදලා ඒ ඇප් එක එක නැත්නම් පොදු ස්ථානවලට යන එක තහනම් කරන්න. ඒකටත් උසාවි යයි. නමුත් ඒකට මුහුණදෙන්න සිද්ධවෙනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW