රට නැවතත් Lock Down ද..? සෞඛ්‍ය ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

covid19 lock down vaccination shavendra silva kehelya rabukwella
By Sewvandhi Sep 25, 2021 09:05 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සීමාවන්ට යටත්ව ඔක්තෝම්බර් 01 වැනිදා රට විවෘත කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

රට විවෘත කළ පසුව අවුරුදු සමයේදී මෙන් අප්‍රේල් වසන්තයක් උදා කරගෙන කටයුතු නොකරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එසේ වගකීම් විරහිතව කටයුතු කළහොත් කොරෝනා රැලි යළිත් මතුවීම වැළැක්විය නොහැකි බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

රට විවෘත කළ පසු ජනතාව මාස දෙක තුනක් යනතුරු සෞඛ්‍ය නීති තදින්ම පිළිපදිමින් වගකීම් සහගතව කටයුතු කළ යුතු වන බවද හෙතෙම සඳහන් කළේය. ජනාධිපතිවරයා මෙරටට පැමිණීමෙන් පසු රට විවෘත කිරීම සම්බන්ධයෙන් තමාට යම් උපදෙසක් ලබාදෙනු ඇතැයි පැවසූ යුද හමුදාපතිවරයා රටේ කොරෝනා ව්‍යාප්තිය සතුටුදායක ලෙස පාලනයවී ඇති බවද පෙන්වා දුන්නේය.

රටේ කොරෝනා ව්‍යාප්තිය ඉදිරි මාස දෙක තුනේදි තවදුරටත් අඩු වනු ඇතැයි බලාපොරොත්තු තබාගත හැකි බවද ඔහු කීවේය. කොරෝනා ආසාදිතයන් නිවෙස්වල රඳවා රැක බලාගැනීමේ වැඩපිළිවෙල ඉතාම සාර්ථකවූ බවත් කොරෝනා පැතිරීම පාලනයට එය ලොකු පිටුබලයක්වූ බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.

රට විවෘත කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශද සකස් කෙරෙමින් පවතින බව හෙතෙම සඳහන් කළේය. මේ අතර රටේ මුළු ජනගහනයෙන් සියයට 51කට පමණ කොරෝනා මර්දන එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදී අවසන් කර ඇතැයි පැවැසූ යුද හමුදාපතිවරයා සෙසු වයස් කණ්ඩායම්වල ජනතාවටද එන්නත කඩිනමින් ලබාදී අවසන් කිරීමට බලාපොරොත්තුවන බව පැවැසීය.

මේ අතර රට විවෘත කිරීමෙන් පසු පවතින සීමා මායිම් පිළිබඳව ඊයේ දිනයේ දී නිවේදනයක් නිකුත් කළා .

එම නිවේදනය පහතින්

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now

  

GalleryGallery