පාසල් තුළ කොවිඩ් වැඩි වීමට හේතුව මෙන්න..නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකගෙන් විශේෂ ප්‍රකාශයක්..!
පාසල් පද්ධතිය තුළ කොවිඩ් ව්‍යාප්තියේ යම් වර්ධනයක් පෙන්නුම් කරන්නේ නම් ඊට පසුගිය කාලයේ ගුරු-විදුහල්පති වෘත්තිය සමිති පැවැත්වූ උද්ඝෝෂණ හේතුවක් විය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා දිනපතා පළවන පුවත්පතකට සඳහන් කර තිබෙනවා.
වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසන්නේ දීර්ඝ කාලයක් පාසල් වසා තැබීමට නොහැකි පසුබිම තුළ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව පාසල් විවෘත කළ පසු ඊට අනුකූලව යමින් දරුවන් සහ කාර්යය මණ්ඩල සුරක්ෂිත කර නොගෙන රජයට සහ සෞඛ්‍ය අංශ වෙත ඇඟිල්ල දිගු කිරීම සාධාරණ නොවන බවයි.
කොවිඩ් ව්‍යාප්තිය බහුලව සිදු විය හැකි සංචාරක ක්ෂේ්ත්‍රය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ යළි දෛනික කටයුතු ආරම්භ කර ඇති පසුබිම තුළ පාසල් පද්ධතිය සුරක්ෂිත කරගෙන ඉදිරියට යෑම ගුරු- විදුහල්පතිවරුන්ගේ වගකීම බවද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් ගුරු වෘත්තිය සමිති පාසල් පද්ධතිය තුළ කොවිඩ් ආසාදිතයන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බවට නගන චෝදනාව පදනම් විරහිත බවත් මේ වන විට ලැබී ඇති දත්ත මත එවැනි වර්ධනයක් පෙන්නුම් නොකරන බවත් ඔහු සඳහන් කරනවා.
-------------------------------------------------
YOU MAY LIKE THIS VIDEO...
පාර්ලිමේන්තුව උණුසුම් කළ මන්ත්‍රී-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |