කිසිම බඩු මිලක් ගැන සඳහනක් නැහැ විශාල බදු මිනිස්සුන්ට වදිනවා..ඇත්ත නැත්ත මෙන්න..(VIDEO)

PUDGET HARSHA DE SILVA TXEX
By Sewvandhi Nov 12, 2021 12:37 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද දින පැවති 2022 අයවැය කතාවෙන් අනතුරුව කෙටි අදහස් දැක්වීමට එක්වූ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා නාලිකාවකට ලබාදුන් අදහස් පහත පරිදිය.

කොවිඩ් වසංගතයේ බලපෑම හේතුවෙන් 2020 වසර වන විට රාජ්‍ය ආදායම සියයට 9.2දක්වා පහත වැටී තිබේ. අද පාර්ලිමේන්තුවේ දී ආදායම් යෝජනා ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසීය. එක්වරක් පමණක් අය කරන බදු

1. 2021 තක්සේරු වර්ෂය සඳහා රු මි 2000ට වඩා බදු අයකළ හැකි ආදායමක් උපයන ලද තැනැත්තන් හෝ සමාගම් මත එක් වරක් පමණක් අය කෙරෙන 25%ක බද්දක් අය කිරීමට යෝජනා කෙරේ. එම බද්ද රුපියල් බිලියන 100ක් උපයා ගැනීමට අපේක්ෂා කෙරේ.

2.බැංකු සහ මුල්‍ය සේවා ආයතන විසින් මුල්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් වන අගය එකතු කිරීම මත අය කරන බද්ද 15% සිට 18% දක්වා වැඩි කිරීමට යෝජනා කෙරේ.

මෙම බද්ද 2022 ජනවාරි පළමු වන දින සිට 2022 දෙසැම්බර් 31 වන දින දක්වා සෑම මසමක ගෙවිය යුතුයි. එමෙන් ම මෙම බද්ද පාරිභෝගිකයා වෙත යොමු නොකළ යුතුයි. මෙමඟින් රුපියල් බිලියන 18ක් උපයා ගැනීමට බලාපොරොත්තු වේ. එමෙන් ම මෙම බද්ද පාරිභෝගිකයා වෙත යොමු නොකළ යුතුයි.

මෙමඟින් රුපියල් බිලියන 18ක් උපයා ගැනීමට බලාපොරොත්තු වේ. මේ අතර සමාජ සංරක්ෂණ දායක මුදලක් අය කිරීමට යෝජනා කර තිබේ. 2.5% ක අනුපාතය යටතේ වසරකට රුපියල් මිලියන 120ක් ඉක්මවන මෙම මුදලට යටත් පිරිවැටුම මත මෙම දායක මුදල අය කෙරෙනු ඇත.

එම දායක මුදල මඟින් වසරකට රුපියල් බිලියන 140ක පමණ ආදායමක් ලබාගැනීමට අපේක්ෂා කෙරේ. 2022 අප්‍රේල් 01 මෙය ක්‍රියාත්මකය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW

 

ReeCha