පොලිස්පති කවුද..? පොලිස්පතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..(VIDEO)

By Sewvandhi Nov 30, 2021 12:52 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරට එරෙහිව ගොනු කර ඇති නඩුවක සාක්ෂි ලබාදීම සඳහා වත්මන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා අද කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටියා. නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැවරී තිබෙන රාජකාරිය පැහැදිලි කළා.

පොලිස්පතිවරයා කියන්නේ රාජ්‍ය ආරක්ෂාව හා සම්බන්ධ ප්‍රබල චරිතයක්. ඔහු ජාතික ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයෙක්. ආරක්ෂක කවුන්සිලයේ සිටින සාමාජිකයින් සියලුදෙනා හා සමාන බලතල පොලිස්පතිවරයාට තිබෙනවා.

විධායකය විසින් ගනු ලබන තීරණ භූමියේ ක්‍රියාත්මක කරන්නේ පොලිස්පතිවරයා ප්‍රමුඛ පොලිස් දෙපාර්තමේන්තුවයි.

රාජ්‍ය ආරක්ෂාව හා දේශපාලනය සම්බන්ධ තොරතුරු පිළිබඳ රාජ්‍ය නායකයා දැනුවත් කිරීමේ වගකීමත් පොලිස්පතිවරයා වෙත පැවරී තිබෙනවා.

පොලිස්පතිවරයා යනු හුදෙක් වැටුප් ලබන තවත් රජයේ නිලධාරියකු නොවෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW