සහල් මිල ගැන වෙළෙඳ ඇමතිගෙන් ප්‍රකාශයක්..සංශෝධ්ත මිල ගණන් මෙන්න..(VIDEO)
ආනයනික සහල් තොග මේ වනවිට සතොස වෙළෙඳසැල් වෙත බෙදාහැර අවසන්ව ඇතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (03) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඉදිරි සති දෙක ඇතුළත සහල් කිලෝවක් රුපියල් සියයකට අඩු මුදලකට මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට හැකිවනු ඇති බවය.
"ආනයනික පළමු නාඩු සහල් තොගය මේ වනවිට ලංකාව පුරාම සතොස වෙළෙඳසැල් වෙත බෙදාහැරලා අවසන්. එක පාරිභෝගිකයෙකුට කිලෝවක් රුපියල් 99 ගානේ සහල් කිලෝ 5ක් ලබාගන්න පුළුවන්. අනෙකුත් වර්ගවල සහල් ද රජය මැදිහත්වෙලා ගේනවා.
ඒ අනුව ඉදිරියේදී ලැබෙන තොග සමග අනෙකුත් වෙළෙඳසැල් වෙතත් බෙදාහරිනවා. ඊයේ මුදල් ඇමතිතුමා තීරණයක් ගත්තා වෙළෙඳපොළ සහල් මිලට දැනෙන බලපෑමක් ඇති කරන්න පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන්ටත් දෙසැම්බර් 31 වෙනකම් සහල් ආනයනය කරන්න ඉඩ දෙන්න. මේ නිසා ඉදිරියේදී වෙළෙඳපොළ සහල් මිල රුපියල් 100ට වඩා පහළට එයි."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |