හදිසියේම යුධ හමුදාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

srilanka covid 19 Shavendra silva
By Sithumi Oct 19, 2021 01:33 PM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් පැතිරීම වළක්වා ගැනීම සඳහා තවදුරටත් අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

දීර්ඝ නිවාඩු කාලය තුළ ඇතැම් ජනතාව පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් වෙනත් ප්‍රදේශවලට ගොස් ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය. ජනතාවගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව සඳහන් කළේය.

"මේ වන විට රටේ සති අන්තයක් සහ දීර්ඝ නිවාඩුවක් ඉදිරියට පැමිණිලා තියෙනවා. රටේ ජනතාව මේ වන විට වාර්තා වෙනවා කොළඹින් පිට දිස්ත්‍රික්කවලට සමහර පුද්ගලයින් ගමන් කරලා තියෙනවා. විශේෂයෙන් ම රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා දැනට මේ පවතින තත්ත්වය කොවිඩ් ආසාදිතයින්ගේ ප්‍රමාණය 600ක වගේ පවත්වා ගැනීමටත් 25කට අඩු මරණ රඳවා ගැනීමටත් ජනතාව විශාල කැපකිරීමක් කරනු ලැබුවා.

ඉතින් ජනතාවගෙන් මේ අවස්ථාවේ දී ඉල්ලා සිටින්නේ ඒකරාශී වන ස්ථාන හැකිතාක් දුරට වැළකී සිටීමට කටයුතු කරන්න. මෙම මාසයක් පමණ කාලය ඉතාමත් වැදගත් වෙනවා කොවිඩ් තවදුරටත් පැතිරීම වළක්වා ගැනීමට. 

ජනතාව මේකට සහය ලබාදුන්නොත් අපි හැකියාවක් ලැබෙයි ඉදිරි මාසයේ දී විතර මේ කොවිඩ් තත්ත්වය මීට වඩා අඩු කර ගන්න. නමුත් ජනතාවගේ හැසිරීම අනුව තමයි මේ කොවිඩ් වර්ධනය වෙනවා ද කොවිඩ් අඩු කරගන්නවා ද කියන එක තියාගන්න පුළුවන් වෙන්නේ."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now