ජනාධිපති මිරිහාන නිවසේ සිටීම අවට පදිංචිකරුවන්ට කරදරයක්…

PRESIDENT ANUARA KUMARA
By Sewvandhi Nov 20, 2021 09:22 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මිරිහානේ තම නිවසේ සිටීම හොඳ දෙයක් වුවද එය ඒ අවට පදිංචිකරුවන්ට හිරිහැරයක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ජනා​ධිපතිවරයා එහි සිටින නිසා ඒ අවට නිවාස නිතරම ආරක්ෂක අංශ විසින් පරික්ෂා කිරීම සිදුවන සිදුවන බවත් එය ජනතාවට හිරිහැරයක් බවත් එහි අවට කුඩා කුඩා ව්‍යාපාර වලට පවා විශාල බලපෑමක් ඇතිවී තිබෙන බවත් ඔහු පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ අයවැය දෙවන වර කියවීමේ විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමිනි. ජනාධිපති නිල නිවාස රට පුරා පිහිටා ඇතත් ජනාධිපතිවරයා ඒවාට එක් දිනක් හෝ ගොස් නැති බවත් ඔහු තව දුරටත් පැවසීය.

---------------------------------------------------

සමාජ මාධ්‍ය කැළබූ සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේ කළ කතාව...

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


ReeCha