ඔයා ඔයාටම ආදරේ කරන්න

Report

ඔව් අද කියන්නේ බොහෝ දෙනෙක් නොකරන දෙයක්. ඒ තමයි තමන් තමන්ට ආදරේ කරන එක .මොකද ගොඩ දෙනෙක් කරන්නේ අනුන් ගැන හිතන එක . තමන් වෙනුවෙන් කිසිම වෙලාවක් වෙන් කරගන නැහැ. හැබැයි ජීවිතේ ඉස්සරහට යන්න නම් තමන් තමන්ට ආදරේ කරන්නම වෙනවා.

ඔයාගෙ වටිනාකම  ඔයා  අඳුරගන්න එක හරිම වැදගත්. මොකද ඔයා නිතරම හිතන්නේ මට මේ දේ කරන්න පුළුවන් වෙයිද ? ඇ‍යි මට මෙහෙම වෙන්නේ .මට බෑ කියන මානසිකත්වයකනම් ඔයාට කවදාවත් සාර්ථක වෙන්න බෑ . මොකද ඔයා ඔයාට ආදරේ නෑ. ඉතිං ඔයා හැමදාම ජීවිතේ පස්සටමයි යන්නේ. එහෙම වෙන්න එපා. අද ඉදන් ඔයා ඔයාට ආදරේ කරන්න ගන්න . ලස්සනට ඉන්න .ආස දේවල් කරන්න. ඔයාගේ මොනවද තියන දක්ෂතා කියලා අදුරගන ඒ අංශයෙන් ඉස්සරහට යන්න.

ඉතිං මෙච්චරකල් හැමදාම හිටියේ බෑ කියලා,ඔයාට ඔයාවත් විශ්වාස නැතුවනම් අද ඉදන් වෙනස් වෙන්න . ඔයා ඔයාට ආදරේ කරන්න ගන්න ඔයාගේ ජීවිතේ වෙනස් වේවි .ඔයාවත් නොහිතන තැනකට ඔයාව අරගන යාවී. ඉතිං අද ඉදන් වෙනස් වෙමු. එතකොට ඔයාට ගොඩක් වාසි ලැබෙනවා .

අම්මෝ පියුමි හංසමාලිගේ පුතාගේ ලස්සන - බුකියම පිස්සුවක් වෙලා

අම්මෝ පියුමි හංසමාලිගේ පුතාගේ ලස්සන - බුකියම පිස්සුවක් වෙලා

ඔයා ඔයාටම ආදරේ කරන්න | Start Today Learn To Love Yourself

ඔයා ඔයාටම ආදරය කරන එකෙන් ඔයාට ඕන දේකට මූන දෙන්න හැකියාව ලැබෙනවා .ඒ කියන්නේ ඔයාගේ මානසික පීඩනය අඩු වෙනවා. එවගේම ඔයා ඔයා ගැන සංවේදී වෙනවා වගේම අනෙක් අය ගැනත් සංවේදී වෙනවා .ඒ වගේම ඔයා සමාජෙට ආකර්ශනීය චරිතයක් වෙනවා.මොකද ඔයා ඔයාටම ආදරෙ කරනවා කියන්නේ ඔයා සමාජෙටම ආදරණීය චරිතයක් වෙනවා.

ඒ වගේම ඔබ  තමන් වටේ තියන සීමාවේ ඉදගන අනෙක් කෙනෙක්ට උදව් කරන්නේ කොහොමද කියලා තේරුම් ගනීවි. ඔබ තුළම ජීවත් වෙන ආදරණීය චරිතය ඔබට මුණ ගැහේවි. ඔයා ඔයාට ආදරේ කරන චරිතයක් නිසා ඔයාගේ හීන වලට ඔයා ආදරේ කරනවා. ඉතිං අනිවාර්‍යේන් ඔයාට ඔයා ආස ආදරේ කරන හීන  වලට  යන්නට අවස්ථාව නිරායාසයෙන් ලැබේවී.නැත්නම් ඔයාටම ඔයා අමතක වෙලා ඉපදුණාට ඔහේ ජීවත් වේවි. ඔයා එහෙම කෙනෙක් වෙන්නනම් එපා. ඉතිං තමන් ගැන චුට්ටක්වත් හිතපු නැති, ඔහේ හිටිය ඔයාට මේ කියන්නේ .

ඔයා ඔයාට ආදරේ කරන එක අපි අද ඉදන් පටන් ගමු නේද..

ඔයා ඔයාටම ආදරේ කරන්න | Start Today Learn To Love Yourself

මාදවීගේ පුංචි පුතු ගැන ඇහෙන අළුත්ම කතාව

මාදවීගේ පුංචි පුතු ගැන ඇහෙන අළුත්ම කතාව