ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීස් ගමගේ යළි රිමාන්ඩ්
රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයකට ආසන්න අල්ලස් ලබාගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීස් ගමගේ ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කළේය.
අල්ලස් කොමිසම විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, සංවිධානාත්මක අපරාධකරුවන්, සහ මහජනතාවගෙන් ලබාගත් අල්ලස් මුදල් බැංකු ගිණුම් තුනක සහ තවත් නව ගිණුමක තැන්පත් කර ඇති බව අනාවරණය වී ඇත. සැකකරුගේ රියදුරු විජේසිංහ සහ පොලිස් කොස්තාපල් අසිත විසින් එක්කෝටි දාසය ලක්ෂයක මුදලක් එම ගිණුමට බැර කර ඇති බවද විමර්ශනවලදී හෙළි වී ඇත.
අල්ලස් කොමිසම පවසන පරිදි, සැකකරුගේ දියණියගේ සහ බිරිඳගේ ගිණුම්වලද අල්ලස් මුදල් තිබෙන බවට කරුණු අනාවරණය වී ඇති අතර, සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනාද එල්ල වී ඇත.
සැකකරුගේ නීතිඥවරයා ඔහු අසනීප තත්ත්වයෙන් පසුවන බව පවසමින් ඇප ඉල්ලූ නමුත්, මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා, විමර්ශනවලට බාධා විය හැකි බව සලකා ඇප ප්‍රතික්ෂේප කළේය.
ලබන 16 වනදා විමර්ශන ප්‍රගතිය වාර්තා කරන ලෙස අල්ලස් කොමිසමට නියෝග කෙරිණි.