පාස්කු දා විශේෂ ආරක්ෂක රැකවරණ

Report

ලබන 20 වැනිදා පැවැත්වීමට නියමිත පාස්කු මංගල්‍යය නිමිත්තෙන් සියලුම කිතුනු දෙව්මැඳුරුවලට පොලිස් රැකවරණ යොදවන බවත් දුක් ප්‍රාප්තිය සමරන මෙම චතාරික සමයේදීත් එම රැකවරණය ලබාදීම පිළිබඳව ක්‍රියාකරගෙන යන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සංග්‍රහයට පැවසීය.

ලංකාවට බදු ගහන්නෑ කියලා ජූලි චෑන් අපව රැවටුවා..-

ලංකාවට බදු ගහන්නෑ කියලා ජූලි චෑන් අපව රැවටුවා..-

මේ හැර කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමාට මෙන්ම කොළඹ අගරදගුරු මැඳුරට ද ආරක්ෂාව ලබාදෙනු ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී වසර හයක් ගතවෙන මොහොතේ එම ප්‍රහාරයෙන් ජීවතක්ෂයට පත්වූවන් වෙනුවෙන් ද එම දෙව් මැඳුරුවල විශේෂ යැදුම් සිදුකෙරේ.

සජිත්ගෙන් මෝදිට විශේෂ ඡායාරූපයක්

සජිත්ගෙන් මෝදිට විශේෂ ඡායාරූපයක්

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හානි සිදු වූ කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැඳුරට, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැඳුරට මෙන්ම මඩකළපුවේ පිහිටි දෙව්මැඳුරට ද විශේෂ රැකවරණයක් යොදවනු ඇත.