රන්ජන් එක නිදහසක් ජයගනී!!!සටන සුබයි!!!

#sinhala news in sri lanka#sri lankan news#Battle of Ranjan Ramanayake#The battle that took place today#Advanced work online#online to attend External digree lectures###
By krishani Jan 03, 2022 10:22 AM GMT
krishani

krishani

Report

බන්ධනාගාර ගතව සිටින සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායකට සිය උසස් අධ්‍යාපන කටයුතු ඔන්ලයින් ක්‍රමය ඔස්සේ බන්ධනාගාරයේ සිටම කරගෙන යාමට අවසර හිමිවී තිබේ.

මේ සඳහා අවසර ලබා දෙන ලෙස රන්ජන් රාමනායක රැඳවුවා විසින් ඉල්ලීමක් කර තිබූ අතර අධිකරණ ඇමැතිවරයාගේද උපදෙස් පරිදි ඒ සඳහා අවසර ලිපිය ලබා දුන් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයේ සිට ලැප්ටොප් පරිඝණකයක් භාවිතයෙන් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ අදාල බාහිර උපාධි පාඨමාලා දේශන සඳහා සහභාගි වීමට රන්ජන් රාමනායකට අවසර හිමිවන අතර ඔහු හදාරන විෂය සම්බන්ධ පත පොත,අතිරේක සටහන් ආදියද බාහිර පාර්ශවයන්ගෙන් ගෙන්වා ගැනීමට ද මේ යටතේ අවසර හිමිවෙයි. එම ඔන්ලයින් දේශන පැවැත්වෙන අවස්ථාවට ඔහු සහභාගි වීම බන්ධනාගාර පුනරුත්ථාපන නිළධාරියකු ඉදිරියේදී සිදු කෙරෙන බවද උපුල්දෙණිය මහතා පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now