තවත් රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ නිවසක් උද්ඝෝෂකයන් පිරිසක් වටලයි.. (VIDEO)
Sri Lanka Politician
Sri Lanka Economic Crisis
Sri Lanka
SL Protest
Sri Lankan political crisis
By krishani
උද්ඝෝෂකයින් පිරිසක් රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතාගේ නිවස වැටලීමට උත්සාහ කර තිබේ.
වාරියපොල නගරයේ විරෝධතාවයේ යෙදුණු පිරිසක් ඊයේ (24) සවස ඒ සඳහා උත්සාහ දරා ඇති අතර අප වාර්තාකරු පැවසුවේ පොලීසිය මැදිහත්වී එය වැළැක්වූ බවය.
වාරියපොළ එලවිටිගම ප්‍රදේශයේ ඒ මහතාගේ නිවාස පිහිටා තිබේ. ඒ වන විට රාජ්‍ය අමාත්‍යවරයා නිවසේ නොසිටි බවත් පොලීසිය විසින් නිවසට ඇතුළුවන මාර්ගය වසා මාර්ග බාධක යොදා තිබූ බවත් වාර්තා විය.
විඩියෝ දර්ශන - Ada Derana Y-Tube Channel
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |