දැන් ආණ්ඩුව ගැන ජනතාව හිතන දේ දන්නවද.. නවතම සංගනනයකින් හෙලිවූ දේ..

By Sithumi Mar 05, 2022 01:28 PM GMT
Sithumi

Sithumi

Report

මේ වන විට මෙරට ජනතාව රට ගැන සිතන ආකාරය සහ රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජනමත විමසුමක් සිදු කර තිබෙනවා. ඊට අදාළ තොරතුරු වෙරිටේ රිසර්ච් ආයතනය මගින් එළි දක්වා ඇත්තේ “ රට හිතන හැටි ” යන මැයෙන්

. ඒ අනුව පොදුවේ ගත් කළ මේ මොහොතේ ශ්‍රී ලංකාවේ කටයුතු සිදු වෙමින් පවතින ආකාරය පිළිබඳ ඔබ සෑහීමකට පත්වනවාද? නැද්ද? යන්න යන ප්‍රශ්ණයට සෑහීමකට පත් වෙමි යන පිළිතුර ලබා දී ඇත්තේ සියයට 6ක් පමණයි. ආර්ථිකය පිළිබඳ ඇති විශ්වාසය ඝෘණ 82.96ක් බව එම වාර්තාවේ සඳහන්. රටේ පවතින ආර්ථික තත්ත්වය හා එහි ගමන් පථය පිළිබඳ බහුවරණ ප්‍රශ්ණ මගින් මෙම සමීක්ෂණය සිදු කර තිබෙනවා.

එහි ලකුණු සෘණ සියයේ සිට ධන සියය දක්වා පවතින අතර එය බින්දුවට වඩා වැඩි ලකුණු අගයක් නම් එයින් දැක්වෙන්නේ, බොහෝ මිනිසුන් ආර්ථික තත්ත්වය ධනාත්මකව දකින බව යැයි, අදාල වාර්තාවේ සඳහන්. ඉකුත් ජනවාරී මාසයේදී රට පුරා සිටින වැඩිහිටියන් 1,021 දෙනෙකු සම්බන්ධ කර ගනිමින් මෙම සමීක්ෂණය සිදු කර තිබෙනවා. එහි සම්පූර්ණ වාර්තාව :   

Gallery