හමුදා සෙබලුන් එක්ව කළ උතුම් ක්‍රියාව..

By Sithumi Feb 24, 2022 01:28 PM GMT
Sithumi

Sithumi

Report

යාපනය වැල්වැටිතුරෙයි පොලිස් වසමේ මාර්ගයක වැටී තිබූ රුපියල් 24,955 ක් සහිත මුදල් පසුම්බියක් මුර සේවයේ නිරත යුදහමුදා සෙබලුන් පිරිසකට හමුවීමෙන් පසු මුදල් පසුම්බියේ අයිතිකරු සොයා භාරදීමට පියවර ගෙන තිබුණි. 

 වැල්වැටිතුරෙයි රෝහල් මාර්ගයේ මුර සංචාරයේ නිරත යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 15 වන ගජබා රෙජිමේන්තුවේ සෙබලුන් පිරිසකින් සැරයන් පී.කේ. දිසානායක යුදහමුදා සෙබලාට වැල්වැටිතුරෙයි රෝහල ඉදිරිපිටදී මෙම මුදල් පසුම්බිය හමුවී තිබුණි. 

මුදල් පසුම්බියේ අදාල මුදලට අමතරව ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය, බැංකු කාඩ් කිහිපයක් ඇතුලු ලිපි ලේකනද තිබී ඇති අතර මුදල් පසුම්බියේ අයිතිකරු වූවේ වැල්වැටිතුරෙයි ඉත්තිඅඩි ප්‍රදේශයේ පදිංචි සෙල්වරාසා මාදන් නැමත්තෙකි.  .

අනතුරුව ඒ පිළිබඳව වැල්වැටිතුරෙයි පොලිස් ස්ථානයට දැනුම් දී අයිතිකරුගේ ලිපිනයට දැනුම් දී අයිතිකරු වැල්වැටිතුරෙයි පොලිස් ස්ථානයට කැඳවා මුදල් පසුම්බිය ආරක්ෂිතව ලබාදීමට යුදහමුදා නිලධාරීන් පියවර ගනු ලැබූ අතර මුදල් පසුම්බියේ අයිතිකරු සහ පොලීසිය යුදහමුදාව ප්‍රශංසා කරනලදි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now