ගුවන් ගමන් අවලංගු කිරීමට තීරණයක් - ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් විශේෂ නිවේදනයක්

Report

ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් අද කොළඹ සිට රියාද් බලා පිටත්වීමට නියමිතව තිබූ UL265 ගුවන් ගමන සහ හෙට රියාද් සිට කොළඹ බලා පැමිණීමට නියමිතව තිබූ UL266 ගුවන් ගමන් අවලංගු කිරීමට තීරණය කර ඇත.

මැදපෙරදිග කලාපයේ එල්ල කරනු ලබන ප්‍රහාරයන් හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස එම නුවරට සිදු කෙරෙන ගුවන් ගමන් තවවදුරටත් සිදු නොවන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කර ඇත.

සෞදි අරාබිය දෙදරයි - ගුවන් තොටුපොළ දෙකකට දරුණු ප්‍රහාර - තිදෙනෙක් මියගොස් තවත් පිරිසක් රෝහලේ

සෞදි අරාබිය දෙදරයි - ගුවන් තොටුපොළ දෙකකට දරුණු ප්‍රහාර - තිදෙනෙක් මියගොස් තවත් පිරිසක් රෝහලේ

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රකාශකයෙකු කියා සිටියේ මේ සම්බන්ධයෙන් විකල්ප ගමනාන්තයක් යොදා ගන්නේ ද පිළිබදව මේ වනතෙක් තීරණය කර නොමැති බවයි.

මේ අතර, සෞදි අරාබියේ අබ්හා ජාත්‍යන්තර ගුවන්තොටුපළට එල්ල වූ ප්‍රහාරවලින් මොරොක්කෝ සහ අල්ජීරියානු ජාතිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් පුද්ගලයන් 28 දෙනෙකු තුවාල ලබා ඇත.

ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලට - වෛද්‍යවරයාගේ උපදෙස් මත ගත් තීරණයක්

ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලට - වෛද්‍යවරයාගේ උපදෙස් මත ගත් තීරණයක්

විදෙස් මා‍ධ්‍ය වාර්තා කරන්නේ රියාද්හි කිං කාලිද් ජාත්‍යන්තර ගුවන්තොටුපළට එල්ල වූ ප්‍රහාරයකින් සුඩාන ජාතිකයෙකු මියගොස් පුද්ගලයන් 8 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.