දකුණේ මිලියන 09ක් වැය කර තැනූ අමුතු වැසිකිළිය

By Sithumi Nov 14, 2021 10:03 AM GMT
Sithumi

Sithumi

Report

වැසිකිළි නොමැති පවුල් සඳහා වැසිකිළි ඉදිකිරීම සඳහා වෙන් කොට, වැය කර ඇති විශාල මුදලකට සිදුව ඇති අමුතු ඉරණමක් ගැන පුවතක් දකුණු පළාතෙන් වාර්තා වෙනවා. 2019 වර්ෂයේ දී මෙම මුදල වෙන් කොට ඇත්තේ දකුණු පළාතේ වැසිකිළි පහසුකම් නොමැති පවුල 493ක් සදහා වැසිකිළි ඉදිකිරිමට යි.

එම මුදල රුපියල් මිලියන 09ක් බව සඳහන්. කෙසේ වෙතත් මිලියන 09ක මුදලක් වැය කර ඇතත් ඉදි කර ඇත්තේ එක් වැසිකිළයක් පමණක් බව යි අනාවරණය වී ඇත්තේ. ජාතික විගණන කාර්යාලය මගින් 2020 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති විගණන වාර්තාවෙන් මේ බව අනාවරණය වී තිබෙනවා. 

 වැසිකිළි පහසුකම් නොමැති පවුල් 493ක පුද්ගලයින් 11,246 දෙනෙකු සඳහා මෙම මුදල වෙන් කොට තිබුණා. මේ අතර 2020 වර්ෂයේ දි 206 දෙනෙකු වෙනුවෙන් වැසිකිළි ඉදිකිරිම සදහා රුපියල් මිලියන 17ක් වැයකර ඇති නමුත් වැසිකිළි ඉදිකර ඇත්තේ ප්‍රතිලාභින් 27 දෙනෙකු වෙනුවෙන් පමණක් බව ද අදාළ වාර්තාවෙහි දැක්වෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now