දරුවට බෙහෙත් නෑ කියා ෆේස්බුක් දැම්මට ලැබුණු සංවේදි දඩුවම මෙන්න...

Srilanka Freedom Party Government Employee
By Sithumi May 01, 2022 02:17 PM GMT
Sithumi

Sithumi

Report

ඖෂධ හිඟය හේතුවෙන් තම දරුවා ට ඖෂධ ලබා දීමට නොහැකි වීම හේතුවෙන් වත්මන් පාලනයට එරෙහිව මුහුණු පොතේ සටහනක් තැබූ බව කියන අඹුසැමි යුවළකට එල්ලවූ මැර ප්‍රහාරයක් හේතුවෙන් එම අඹුසැමි යුවළ රෝහල්ගත කර ඇති බව කිරිඳිවැල පොලිසිය පවසයි.

මෙසේ පහරකෑමට ලක්ව රෝහල් ගත කර ඇත්තේ කිරිඳිවැල මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළකි. පහරකෑමට ලක් වූ අඹුසැමි යුවළ සිය දරුවාට ඖෂධ ලබා ගැනීම සඳහා නගරයට ගොස් නැවත නිවසට පැමිණි අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතාගේ බාල සහෝදරයා සහ තවත් පුද්ගලයකු අඹුසැමි යුවළ ගේ නිවසට පැමිණ මෙසේ පහරදුන් බව ට පහරකෑමට ලක් වූ අඹුසැමි යුවළ පැමිණිලි කර ඇති බව කිරිඳිවැල පොලිසිය පවසයි.