වෘත්තිකයින්ගේ වර්ජනයෙන් මහ බැංකුවේ කටයුතුවලට බාධා?
නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තිකයින් විසින් මාර්තු මස පළමුවනදා සිදු කිරීමට නියමිත දීපව්‍යාප්ත වැඩවර්ජනය හේතුවෙන් මහ බැංකුවෙන් මහජනතාව වෙත ලබා දෙනු ලබන සේවාවන්ට බාධා එල්ල විය හැකි බව මහ බැංකුවේ වෘත්තිය සමිති එකමුතුව පවසනවා.
මහ බැංකුවේ වෘත්තිය සමිති එකමුතුව සඳහන් කළේ රජය විසින් ක්‍රියාත්මක කරන ජනපීඩක බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම සඳහා ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය විසින් රජය වෙත ඉදිරිපත් කරන සාධාරණ ඉල්ලීම් සම්බන්ධයෙන් කිසිඳු සාධනීය ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් එම දීපව්‍යාප්ත වැඩවර්ජනය සිදු කරන බවයි.
අදාල වැඩවර්ජනය සඳහා මහා බැංකුවේ සේවා නියුක්තිකයින් ද සහභාගී වන බැවින් මාර්තු මස පළමුවනදා එහි සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව, ව්‍යවහාර මුදල් කවුළු සහ ප්‍රාදේශීය කාර්යාල මගින් සපයනු ලබන සේවාවන්ට බාධා එල්ල විය හැකි බව සඳහන් වනවා.