කොදෙව්වන් ලබා දුන් ප්‍රභල ඉලක්කය..

By Sithumi Jun 22, 2023 11:17 AM GMT
Sithumi

Sithumi

Report

 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම්ලැබීම තරගාවලියේ 9 වන තරගය නේපාල කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර දැන් පැවැත්වෙනවා.

එහිදී නේපාල කණ්ඩායමට එරෙහිව  ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 339ක් රැස්කරගැනීමට සමත්වුණා.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් නායකත්වයේ අනගි ඉනිමක් ක්‍රීඩා කළ හෝප් පන්දු 129කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 10ක් සමග ලකුණු 132ක් රැස්කරගත් අතර නිකලස් පූරන් පන්දු 94කදී හයේ පහර 4ක් සහ හතරේ පහ 10ක් සමග ලකුණු 115ක් රැස්කළා.

පන්දු යැවීමේදී Lalit Rajbanshi කඩුලු 3ක් දවාගැනීමට සමත්වුණා. Karan KC, Gulsan Jha, Sandeep Lamichhane සහ Dipendra Singh Airee එක් කඩුල්ල බැගින් දවාගත් අයුරු විශේෂත්වයක්.