මෙරටට ජපානයෙන් ලැබුණු දේ...

By Sithumi Sep 23, 2022 12:42 PM GMT
Sithumi

Sithumi

Report

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලදී ජපානය ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙකි මහතා ප්‍රකාශ කළ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය. ජපානය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවට සහාය ලබා දුන්නත් විශාල යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමෙන් පසුව බව හිදෙකි මහතා පැවසුවේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා දෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල ලබා ගැනීම සඳහා අවසන් එකඟතාවයකට පැමිණීමේදී අවශ්‍ය වන ණය හිමියන්ගේ සහතිකය ලබා ගැනීම සඳහාආරම්භ කරන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලදී ජපානය ශ්‍රී ලංකාව සමග සිටිමින් සහයෝගය ලබා දෙන බව සම්මුඛ සාකච්ඡාවකදී මිසුකොෂි හිදෙකි මහතා ප්‍රකාශ කර ඇත.

චීනය සහ ඉන්දියාව ඇතුළු අනෙකුත් ණය හිමියන් සමග සිදු කරන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලදී ජපානය ඵලදායි කාර් ය භාර් යයක් ඉටු කිරීමට බලාපොරොත්තු වන බවද හිදෙකි මහතා සම්මුඛ සාකච්ඡාවේදී පැවසුවේය. ජපානය ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5 ක පමණ ද්වි පාර් ශ්වික ණයක් ලබා දී ඇත.